IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් ප්‍රකාශ කළ බව ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව නැවතත් දැනුම්දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳව ජනාධිපතිවරයා තැබූ විශ්වාසයට  පිළිබඳවත් පශ්චාත් කොවිඩ් සමයේදී ආර්ථික පරිවර්තනයක් සඳහා ආයෝජන ප්‍රවර්ධනය අඛණ්ඩව කරගෙන යාමට කළ ඉල්ලීම පිළිබඳවත් ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කළ බවත්  ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දශකයක් තුළ දෙගුණයක් බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද එහිදී සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මීට පෙර වාර්තා විය.



අදහස් (0)

ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site