
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජනරල් ලෙස නීතීඥ පසන් වනිගසේකර මහතා අද (07) දිනයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.
පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රියාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු මෙහිදී ප්‍රකාශ කලේය.
ගෝලීය ආයෝජන සංචිතය සදහා තරග වදින අනෙකුත් සියළුම රටවල් සමග ජාත්‍යන්ර තරග කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් ආයතනයක් වනු දැක්ම
තමාගේ දැක්ම හා අපේක්ෂාව බව ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් අමතමින් වනිගසේකර මහතා පැවසීය.
ගෝලීය ප්‍රධාන පෙලේ ආයතන 500 න් එකක් වන මූඩිස් (MOODY'S) සමාගමට අනුබද්ධව ද අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත.
මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වේ.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආයෝජන මණ්ඩලයෙහි නව අධ්‍යක්ෂක ජෙනරාල් පසන් වනිගසේකර
Ajith prasanna Samarakkodi Thursday, 07 January 2021 01:39 PM
ඒක අගය කළ යුතු දෙයක්..
chandima Thursday, 07 January 2021 11:47 PM
අධ්‍යක්ෂ ජනරාල්ලා නම් එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් එනවා. ආයෝජකයින් තමයි නැත්තේ.
kamal Friday, 08 January 2021 06:04 AM
මේ පත්වන මහත්වරුන්ගේ උගත් කමත් හොඳින් පැහැදිලි කළාට මේ ගොල්ලන් මේ දක්වා රටට කළ සේවය මොකක්ද කියලා සඳහන් නොවීම අඩුවක්...