
(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම කොළඹ දියත උයනේ දී ද අද (02) සිට ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කර ඇති මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයද ඉදිරි දිනවලදීත් දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ.
වයෝවෘද්ධ ආබාධිත පිරිස් වෙත එන්නත් ලබාදීම සඳහා මෙහි විශේෂ පහසුකම් සලසා ඇති අතර ආබාධිත පුද්ගලයන් එන්නත් ලබාදෙන ස්ථානය දක්වාම රැගෙන නොයා ඔවුන් සිටින රථවාහන අසලටම ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් මෙහි ක්‍රියාත්මක කර ඇත.
මෙම ස්ථානයෙන් එන්නත් ලබාගැනීම සඳහා අද උදෑසන සිට විශාල පිරිසක් පැමිණි අතර යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීම සඳහා ද විශාල වශයෙන් පිරිස් පැමිණෙමින් සිටිති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)









2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආබාධිත අයට වාහනයේදීම එන්නත්