IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආපදා තත්වයෙන් 2,12,000කට වැඩි පිරිසක් පීඩාවට

(ඩයනා උදයංගනී)

දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 25 ක් වාර්තා වී ඇති අතර අවතැන් වූ පවුල් 13,671 කට අයත් 50,166 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවල සහ ඥාති නිවෙස්වල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

බදුල්ල, නුවරඑළිය, මාතලේ, ගම්පහ, මුලතිව්, කොළඹ, වව්නියාව, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කිලිනොච්චිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 38,298 කට අයත් 1,32,375 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

එම දිස්ත්‍රික්කවල නිවාස 23 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර  තවත් නිවාස 1,229 කට අර්ධ හානි සිදුව තිබේ.



අදහස් (0)

ආපදා තත්වයෙන් 2,12,000කට වැඩි පිරිසක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site