
( ඔගස්ටින් ප්‍රනාන්දු )
රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි දෙදෙනා තවදුරටත් මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද ( 4 ) දහවල් නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කෙරුණේ බත්තුළු ඔය පිංකට්ටියේ පදිංචි වර්ණකුලසුරිය නිශාන්ත ප්‍රනාන්දු ( 35) සහ බත්තුළු ඔය කිරියන්කල්ලිය හංදියේ පදිංචි පෝරුතොටගේ සුජිත් කුමාර නිශාන්ත ප්‍රනාන්දු (43) නමැති දදෙදෙනාය.
නිශාන්ත ප්‍රනාන්දු රක්ෂිතය ඉස්සන් පොකුණක් ඉදි කිරිම පිණිස ඩෝසර් යන්ත්‍රයක් යෙදු ව්‍යාපාරිකයෙකු වන අතර සුජිත් කුමාර ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවේ.
ආනවිලුන්දාව වන ජිවි කාර්යාලය විසින් කර තිබු පැමිණිල්ලක් අනුව පසුගිය මස 25 වන දින රාත්‍රි නිති විරෝධි ලෙසින් කුරුළු අභය භුමියට ඇතුළු වි ඩෝසර් යන්‍ත්‍රයක් යොදවා එම බිමේ අක්කරයක පමණ ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කර පොකුණක් ලෙසින් සකස් කර තිබු බවත් පසුව ආරච්චිකට්ටුව පොලිසිය විසින් සිදු කරණ ලද මුලික පරික්ෂණයකින් පසු එම සිද්ධිය තහවුරු වු බවත් මෙහිදි සදහන්විය.
පසුව බත්තුළුඔය කිරියන්කල්ලිය හංදියේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු එම යන්ත්‍රය සමග අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේ දි ඔහු මෙම කාර්ය කර ඇත්තේ නිශාන්ත ප්‍රනාන්දු නමැති ඉස්සන් ව්‍යාපාරිකයාගේ ඉල්ලිමක් මත බව හෙළි වු පසු එම ව්‍යාපාරිකයාවද අත් අඩංගුවට ගන්නා ලද බවත් හෙළි විය.සැකකරුවන් පසුගිය 28 වන දින අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධානාගාර ගත කර තිබුණි.
COMMENTS
ඔය ටික දවසකින් එළියට එයි. සම්පායොත් ආවේ. ඔච්චර තමා අපේ රටේ... පොල් ගෙඩියක් අහුලපු එකාලා නම් ඉතින් හිරේ. කාට කියන්නද මේවා?
තවදුරටත් පොහොට්ටු වන්නමක් විතරයි. බලන්නකෝ, හෙට, අනිද්දා වෙද්දී මේ ගොල්ලන්ට ඇප දීලා, ජනාධිපති මෙතැනට ඇවිත් මේක රැම්සා තෙත්බිමට අයිති නැති කොටසක් කියලා 10-15ක් දම්මලා කියවලා. මේ වැඩේ ආපහු පටන් ගන්නේ නැද්ද කියලා...? ලංකාගම පාරේ දෙවැනි කොටස...
එතකොට මේක කරන්න කියලා අණදීපු අයව අත්අඩංගුවට ගත්තේ නැද්ද? යහපාලනයයි, මේ පාලනයයි කිසිම වෙනසක් නැහැ වගේ.