
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබෙිදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දුන්නේය.
ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් ඒ සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය. ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
2017සහ2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙි පිළිබඳව අවධානය යොමු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසූයේ ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බවයි . රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මෙහිදි අවධාරණය කළේය.
මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කල් පිටරටින් ගෙනා වස විස කෑවා. දැන්වත් එය නැවැත්වීමට පියවර ගැනීම වැදගත් දෙයක්... තවත් කෙවිටිලි කරනකන් ඉන්නේ නැතිව රට ඇතුළේ කෑම බීමවලට වස විස දමන එකත් නවත්වා දැමීමට වහාම පියවර ගන්න. කහකුඩු වලට ඩයි හා පාන්පිටි, කිතුල්පැණි වලට පැණි ටිකක් හා දහ ජරාව, මස් මාළු වලට ෆෝමලින්, හාල් වලට ඩයි, රස කැවිලි වලට හා පැණිබීම වලට සැකරින්, බයිට් වලට ප්ලාස්ටික් දමා බැදීම, ආප්ප වලට ප්ලාස්ට් ඔෆ් පැරිස් (පැරිස් බදාම), ආදාහනාගාරවල කරෝල වේලීම ආදී බොහෝ දේ සඳහා වහාම නිසි පියවර ගත යුතුයි...
ඇමැතිවරු නැතිද? වහාම පියවර ගන්න... ඔවුන්ට දැනුමක් නැතිද? එසේ නම් ඔවුන් වහාම ඉවත්විය යුතුය.
ආදාහනාගාරවල කරෝල ඉතා රසයිලු.. අලු කවලම් නැතිනම් අවුලක් නැහැ.
අද වෙනකම් නන්දසේන ඉක්මණට කරපු එකම වැඩේ 20වැනි සංශෝධනය සම්මත කරගත්ත එක විතරයි.
ඉතාමත් හොඳ වැඩක්... මේවා කරන්න තිබුනේ බොහොම ඉස්සර...
කියන්න නම් ලේසියි. කෙරුවාවල් කෙසේ වෙතත්.... බල්ලෝ මරලා හරි කමක් නැහැ.. තමුන්ගේ මඩිය තරකර ගන්න හදන අය ගැන අපි නොදන්නවා නෙවෙයිනේ...
නීති වෙනස් කරලා PHIට බලය දෙන්න වගකීම දෙන්න වෙනත් රටවල් ආදර්ශයට ගන්න.
ආනයනය කරන ආහාර පමණක් නොවේ.. සැකසුම් හා බහාළුම් ආයතන වලින් වෙළඳපලට පිටවෙන ආහාරයි පර්‍රික්‍ෂා කළයුත්තේ...
ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න?