කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සිදුකෙරිණි.
එම අවස්ථාවට කතානායක කරු ජයසුරිය, අමාත්‍යවරු වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන අර්ජුන රණතුංග, රංජිත් මද්දුමබණ්ඩාර,රාජිත සේනාරත්න, දයා ගමගේ,අජිත් මාන්නප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
කී වෙනි සැරේටද දෙවියනේ ඕක ඔය විවෘත කලේ?
මුල්ගල තියපු අයම විවෘත කළා. ගොඩනැගිල්ල හැදුවේ කවුද? යහපාලනය ගැනත් ටිකක් මතක් කරලා තිබුණා නම් ගොඩාක් වටිනවා.
මහජන මුදලින් සදා නිමකරන ලද මෙහි නම්ගම් හරියට කොටලා තියනවද කියලා හොඳින් බැලුවොත් නරකද? මොකද ඔය එක එක ජරා අපතයින් අල්ලපු රටේ, ඇමරිකාවේ වගේ ජරා දේශපාලුවන්ගේ නම්ගම් ලියලා තියෙන්න පුළුවන් අයත් හරි කැමතියි... අහිංසක මිනිසුන්ගේ මුදල්වලින් ඒ ඒ පරයින්ගේ නම් ගම් ලියාගන්න. ඒ වුණාට අපේ දේශපාලුවන් නම් වැසිකිළියකටවත් ඔවුන්ගේ නම් දාන්නේ නැහැ. එතරම් අවංකව මහජන මුදල් වියදම් කරනවා. අනේ අපොයි කවදා අපගේ මව්බිම මෙවන් ගොන් පාට් වලින් මිදෙයිද?
රටේ ජනතාවගේ මුදල් වියදම් කර ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල ඉක්මණින්ම සිසු අයිතියට පත්කිරීම ඉතාම හොඳ දෙයක්... ඒ වගේම ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙම ගොඩනැඟිල්ල ඉදිවූ බව සඳහන් කිරීම වටිනවා. හේතුව පසුගිය රජයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් හඳුන්වා දුන් ජාතික ප්‍රතිපත්ති අතර ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් වන්නේ ළඟම පාසල ව්‍යාපෘතියයි. ඉතිහාසයේ වෙනත් කිසිම අධ්‍යාපන ඇමැතිවරයකු අධ්‍යාපනයට කළාට වඩා විශාල වැඩ කොටසක් පසු ගිය රජයේ තරුණ අධ්‍යාපන ඇමතිවරයා ඉටුකළ බව අපි මතක තබාගත යුතුයි. එවැනි හොඳ මතකයක් තබාගැනීමට දේශපාලන භේද වුවමනා නැහැ.
ඔබේ දැක්ම අගය කරමි. මෙන්න මේ ගැනත් සිතන්න කාලයයි. "දේශපාලුවෝ ජනතා මුදලින් මේ වාහන අරගෙන අම්මගේ අප්පගෙ බූදලයෙන් ගත්ත ඒව වලින් වගේ යන්නේ. මොවුන් අතරෙ උගත් කියාගන්න අයත් ඉන්නවා ලැජ්ජාවක් නැතිද මේ අයට...? පාරේ යනකොට වටකරගෙන මොවුන්ට හූ තියන්න ඕනෑ. එහෙම නැතිව අපට වෙනකරන්න දෙයක් නෑ. මේ වැරදි වැඩ හා ක්‍රමය මේ අය එකතුවෙලා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන... අපිට මොනතරම් ප්‍රශ්නද? අපි කොපමණ අසරණයිද? නව ජනාධිපතිතුමනි, මේ ක්‍රමය සදහටම නැතිකරන්න. එතකොට දේශපාලනය රැකියාවක් වශයෙන් බලාපොරොත්තුවන අය තුරන්වෙයි... නියම රටට ආදරේ ඇතිඅය රට බාරගනියි".