එෆ්.අස්ලම්
ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අනාවරණයකට අනුව බදුල්ල සතොස කළමණාකාරවරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලක් මත බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම තොගය සොයාගෙන තිබිණි.
බදුල්ල පළාත් මහ රෝහලේ වසර ගණනාවක සිට ඒකරාශී වූ භාවිතා කරන ලද ඖෂධවල එන්නත් කුප්පි සහ විෂ සහිත ආන්ත්‍රාදායක උපකරණ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් මීට සතියකට පෙර සතොස ගොඩනැගිල්ලට යාබදව පිහිටි ගොඩනැගිල්ලේ ගබඩා කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග විසින් සතොස කළමණාකාරවරයාට ඒ පිළිබද කරන ලද දැනුම් දීමක් මත ඒ පිළිබද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇති අතර එහිදී අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ආන්ත්‍රාදායක ඖෂධ කිසිවක් එහි නැති බවය.
කෙසේ නමුත් පැවති සැකය මත සතොස කළමණාකාරවරයා මේ පිළිබද බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කර ඇති අතර මෙම ස්ථානය වැටලීමට ලක් කළේ ඒ අනුවය.
ලොරි තුනක ආධාරයෙන් මේවා මෙම ස්ථානයට ගෙනවිත් ඇති අතර ඒවා පැටවූ රෝහල් සේවකයින් දහයකට ආසන්න සංඛ්‍යාවක් ද විවිධ රෝගවලට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මේවා ආශ්වාසවීම තුළින් මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා වැනි රෝගවලට ලක්විය හැකි බවත් දහස් සංඛ්‍යාත පිරිසක් දෛනිකව පැමිණෙන සතොස පරිශ්‍රය තුළ විශේෂයෙන් ආහාර ගබඩාව යාබදව ආන්ත්‍රාදායක මෙම ඖෂධ කොටස් ගබඩා කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා සිදුකළ මෙම ක්‍රියාව ජන සංහාරයකට අඩිතාලම දැමීමක් බවද වෛද්‍යවරයා කීය.
බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, නාගරික මන්ත්‍රීන් වන ශෂී සුරංග සහ උදේනි යන මහජන නියෝජිතයින් සහ වසන්ත ගුණරත්න,ප්‍රසාද් උපුල් කුමාර යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකරනු ලැබීය.


COMMENTS
සාපිගේ ජාතියේ ගේමක් වගේ...
ඇත්තටම මෙයින් වන හානිය අපට කවදාවත් ගණනය කරන්න බැහැ. හේතුව මිනිසුන්ට වන අසනීප ආපදා හා මරණ මෙයින් වුනා කියල කවදාවත් ඔප්පු කරන්න බැරි හින්දා.පරිසරයට වන කෙටි කාලීන හා දිගුකාලීන හානි ගැන කතා කරලම වැඩක් නැහැනේ.මොන පණ්ඩිතයින් මොන විදිහේ කතා කිව්වත් සැබවින්ම සිදුවිය යුත්තේ දේශපාලන වාද භේද හා නිලධාරි වාදය පසෙකලා සුදුසු පිළියම් යෙදීමත් වගකිවයුත්තන්ට දඬුවම් දීමත්ය.නමුත් අපේම අවාසනාවකට අපේ රටේ සිද්ද නොවන්නේත් ඒකමයි
මේවා කොන්ත්‍රාත්. කොන්ත්‍රාත්එක බාරගත් කෙනාට තැන නොතැන ප්‍රශ්නයක් නොවෙයි. බොහෝවිට කවුරු හෝ දේශපාලකයෙක් මොවුන්ට රැකවරණය දෙනවා.
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයේ බෙහෙත්වල සමීප රූපයක් දාන්න. එතොකට බලාගන්න පුළුවන් මේ මොනවද කියලා? මේක සාපි ටෙලි නාට්‍යයේ දෙවැනි කොටස වගේ... දන්නවනේ අනාවරණය කරපු අයගේ හැටි...?
මෙය සම්පූර්ණ ලෙසම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් නොවේද? රෝහල්වල පරිපාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නම් ඒවායේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමේ කාර්යයද එම අමාත්‍යාංශය විසින්ම දැරිය යුතු නොවේද? බෝලේ අනික් පැත්තට මාරුකරලා හරියන්නේ නැහැ. කොන්ත්‍රාත්කරුගේ වරද, සේවක වරද, කියකියා කාගේ හරි පිටවරද පටවා ඇඟ බේරා ගැනීම වැරදියි. දිවයිනේ ඇති විවිධ සෞඛ්‍ය ආයතනවල ඇති සෞඛ්‍යට අහිතකර විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සුදුසු ක්‍රියාපටිපාටියක් ගැනීම විනා පුටු රත්කර වායුසමනය කළ කාමර තුළ කාලය කා දැමීමේ ප්‍රතිඵලයක්...