





(නිමල් ජයරත්න)
මඩකලපුව, කල්කුඩා, සිරි විවේකාරාම විහාරස්ථානයේ අද (28) පැවති කඨින මහා පුජෝත්සවය හා සමගාමීව ආදිවාසී කුල දරුවන් අටදෙනෙකු පැවිදි කරවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කළහ.
මඩකලපුව, සිත්තන්ඩි, දිඹුලාගල, මලියදේවපුර, කුඩාවැව, රුහුණුකෙත, පියසේනපුර, මැණික්දෙණිය, කහතුඩුව යන ප‍්‍රදේශවල කුලදරුවෝ පිරිස මෙලෙස සසුන්ගතවූහ.
දිඹුලාගල බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකරි, කල්කුඩා සිරි විවේකාරාමාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ අනුශාසනාවක් කරමින් පැවසුවේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වැඩිම කුලදරුවන් පිරිසක් එකවර සසුනට ඇතුළු වු ප‍්‍රථම අවස්ථාව මෙය බවයි.
මෙම පිරිසට පිරිවෙන් අධ්‍යාපනය ලබා දී, දමිළ භාෂාව උගන්වා නැගෙනහිර පළාතේ ජනතාවට දමිළ භාෂාවෙන් ධර්මය පහදා දීම සඳහා යොමුකරන බවද දේවාලංකාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
COMMENTS
සාදු සාදු සාදූ...! මෙවැනි දෙයක් අහන්න ලැබීමත් සතුටට කරුණක්. වර්තමානයේ රටේ සැමවිටම පිංකම් පැවැත්වෙනවා අහන්න දකින්න ලැබෙනවා. ඒවායේදී බොහෝවිට උපාසක අම්මලා දැඩි කැමැත්තක් දක්වන්නේ අටපිරිකර පූජාවට පමණයි. මෙලෙස අධික ශ්‍රද්ධාවෙන් යුතු උපාසක අම්මලා කිසිවිටකත් හිතන්නේ නැහැ දරුවෙකු සසුනට පූජාකරන්න. එය සතරවරිගයම නිවන් දක්නා පිනක් කියා දන්නේත් නැහැ දැන් පන්සල්වල හාමදුරුවරුන් නැති තරම්වෙලා.
දරුවන් සසුනට පුජා කරන්න අම්මලට වුනත් බැහැ දරුවන්ගේ කැමැත්ත නැතිනම්. මේ සමහර සාමනේරවරු යන්තම් පය ගහල ඇවිදින වයසේ. දැනුම් තේරුම් නැති අයවලුන් මහන කිරීම කොතරම් ප්‍රායෝගිකද? මට බැනල කමෙන්ට් දමයි. ඒත් හිතල බලන්න.
මෙම දරුවන් මහන කිරීමට පෙර පැවිදි ජීවිතයට පුහුණුවක් අවශ්‍ය නැද්ද?
lalithm මම ඔබ සමග සිට ගමි. අන්ධ භක්තියෙන් ආගම අදහන අය බැනලා අදහස් දාවි. බලමු ඇස් පෙනෙන අන්ධයෝ කොපමණ ඉන්නවද කියල.
අර උපාධි අරන් ඉන්න සියගානක් අයත් අරගෙන නැවත පැවිදි කරන්න පුළුවන් නම්..!
දෙමළුන්ට බුද්ධාගම උගන්වන එක කරන්න බැහැ. දෙමළ, බෞද්ධ කියා දෙයක් නැහැ.
ආගම් භේද, කුළ භේද, ජාති භේද නැතිව බුදුන් වහන්සේ ගේ කාළයේ සසුනට පින්බර හැම දෙනෙක්ම එකතු කර ගත්තා. අද කාළයේ වගේ අර නිකාය, මේ නිකාය කියලා භේදයක් තිබුණේ නැහැ. මේක නම් නියම බුද්ධ ප්‍රතිපදාව බව තමයි මගේ වැටහීම. බුදු සසුන තවත් වසර 5000ක් විරාජමානව වැජඹේවා...
පසුව රන්ජන් රාමනායක ගාවට අඬාගෙන නොයන්න..
පැවිදි කිරීමට පෙර ලොකු හාමුදුරුවෝ විනය ගැන හොඳ පුහුණුවක් ලබා දෙනවා.