(තරිඳු ජයවර්ධන)
නුවරඑළියේ ඡන්ද මධ්‍යස්ථානයක් තුළට ආදර්ශ ඡන්ද පත්‍රිකා 5 ක් රැගෙන ගියැයි සැකපිට ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයෙකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.
සැකකරු අද උදෑසන නුවරඑළිය මද්දුම බණ්ඩාර විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ශාලා අංක දෙකෙහි ඡන්ද නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරමින් මෙලෙස ආදර්ශ ඡන්ද පත්‍රිකා 5 ක් ගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd