IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආණමඩුව හිටපු ප්‍රා සභාපති අත්අඩංගුවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා (එක්සත් ජාතික පක්ෂය) ගිනි අවියක් රැගෙන විත් කාන්තාවකට පහර දිමේ සිද්දියක් සම්බන්ධව අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

සභාපතිවරයාගේ ප්‍රහාරයට ලක්වි ඇත්තේ ආණමඩුව තට්ටෑව පදිංචි තිදරු ඒ.එච්.එම් .විමලාවති නැමති 58 හැවිරිදි කාන්තාවකි.

කුඹුරුක මායිමක් සම්බන්ධව ඇතිවු ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් විමකින් පසු හිටපු සභාපතිවරයා අත තිබු ගිනි අවියක බටයෙන් කාන්තාවගේ පපුව ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර මුහුණට පහරක් එල්ල කල බව ඇය ඇය ආණමඩුව පොලිසියට පැමිනිලි කර තිබුනී.

සිද්දියෙන් පසු අදාල කාන්තාව ආණමඩුව මූලික රෝහලට ඇතුලත් වි ඇති බව පොලිසිය කියයි.

සිද්දියෙන් පසු පොලිසිය විසින් හිටපු සභාපති ආණමඩුව පොලිසියේ කණ්ඩායමක් විසින් ඔහුගේ නිවසේදි අත් අඩංගුවට ගෙන ඇති අතර 30 දින ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි.

පහර කෑමට ලක්වු කාන්තාවගේ ඥාතින් පවසන්නේ සභාපතිවරයාට අයත් බෝර 12 ගිනි අවියෙන් පහර දිම සිදුකල බවයි.

කෙසේ නමුත් පොලිසිය පවසන්නේ සභාපතිවරයා පහර දිම කර ඇත්තේ වායුරයිෆලයකින් බවයි .එයද අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් කුමාර මහතා පවසයි

 



අදහස් (0)

ආණමඩුව හිටපු ප්‍රා සභාපති අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site