(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ අදාල අරක්කු තොගය ආපසු හරවා යවා ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනාඥයකුගේ ආධාරකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.
ආණමඩුව සතොස ආයතනයට අරක්කු අලේවිය සදහා ලැබුණු බලපත්‍රයකට අනුව අරක්කු පලමු තොගය සතොසට රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි ඇති දේශපාලනාඥයක්ගේ ආධාරකරුවන් බව කියන පිරිස අදාල ලොරිය ආපසු හරවා යන ලෙසට තර්ජනය කර ඇති බව කියයි.
මෙයට හේතු වි ඇත්තේ එම දේශපාලනාඥයාගේ ද අරක්කු අලේවි කිරීමේ ස්ථානයක් ආණමඩුව නගරයේ පිහිටා තිබිම බවත් සතොස ආයතනයට අරක්කු ලබා දිමේන් පසු එහි අලේවිය පහත වැටිම හේතුවෙන් මෙසේ සිදුකර ඇති බව වාර්තා වෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි
Demuni Uduwara Wednesday, 28 July 2021 03:48 AM
නීතියක් නැති රටක්!
ලුම්බිණි Wednesday, 28 July 2021 05:50 AM
කෝ අර එකම නීතිය?
Puppa Wednesday, 28 July 2021 06:02 AM
නීතිය කාටත් එකයි අපේ සර්
පිට්ගල මිලානෝ Wednesday, 28 July 2021 09:21 AM
එක රටක්... එක නීතියක්...!
jagath Wednesday, 28 July 2021 10:29 AM
බොහෝම හොඳවැඩක්..., කළේ නරක දෙයක් වුණත්... සුරාසැලක් විවෘත කිරීමට ඉඩ නොතැබිය යුතුයි.
fairoos Wednesday, 28 July 2021 01:41 PM
සර්ගේ අයනේ අවුලක් නැහැ
sapumal Wednesday, 28 July 2021 05:01 PM
අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා තමයි...