
(නිමල කොඩිතුවක්කු)
බලයට ඇති කෑදර කම මත පදනම්ව විසිවන සංශෝධනය සම්මත කරගැනීම මගින් වත්මන් ආණ්ඩුව සියදිවි නසාගත් බව හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වී රට අනාරක්ෂිත තත්ත්වයට පත්වීමට ආණ්ඩුව විසිවන සංශෝධනය කෙරෙහි අවධානය යොමු කිරීම හේතු වූ බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.
විසිවැනි සංශෝධනය සම්මත කර සිය බලය තහවුරු කරගත් ආණ්ඩුවට පාලන මිලට ආහාර ද්‍රව්‍ය ලබා දීමටවත් හැකියාවක් ලැබී නොමැති බව ද කොළඹ ජානකී හෝටලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කරු ජයසූරිය මහතා මෙසේද පැවසීය.
"මේ රටේ ජනතාව යම් නිශ්චිත කාලයකට අදාලව ජනාධිපතිතුමාටත් වර්තමාන ආණ්ඩුවටත් පැහැදිලි ජනවරමක් ලබාදී තිබෙනවා. එම ජනවරම අනුව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාද ඇතුළු වර්තමාන ආණ්ඩුවත් ජනතාවගේ අපේක්ෂා මූලික කරගෙන කටයුතු කරනු ඇති බව අපි විශ්වාස කරනවා.
ඒ වගේම අද බරපතල ව්‍යසනයක්ව පවතින කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා යම් උත්සහයක නිරතව සිටින බව පෙනෙනවා. අප එයට පූර්ණ ආශිර්වාදය පල කරනවා.
එමෙන්ම එම කටයුත්තේදී මේ රටේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය මණ්ඩල සාමාජිකයන්ටත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය සේවයට අයත් සෑම කෙනෙක්ම දක්වන අසීමිත කැපවීමට අපගේ ගෞරවය හා ප්‍රාණාමය පුද කරනවා.
සමහරු 69 ලක්ෂයක ජනවරමක් ගැන කාලයක්ම කතා කලා. ඒ අයම ඊට පස්සේ 3/2 ක ජනවරමක ඇති අවශ්‍යතාවය ගැන කතා කලා පසුව අපේ ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය ඉදිරිපත්කර සම්මත කරගත්තා.
වචන විදිහට ගතහොත් අද වනවිට ඒ සියල්ලම හිස් වචන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මොකද ඒ වචන වලට සැබෑ අර්ථයක් ලබාදුන්නානම් අදවනවිට මේ රට මීට වඩා යහපත් වෙන්න තිබුණා.
20 වන සංශෝධනය ගැන එය ගෙනආ මොහොතේ සිටම මේ රටේ විශාල සංවාදයක් ඇති වුණා. මහා සංඝරත්නය ඇතුළු කතෝලික, ක්‍රිස්තියානි, පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ ආගම්වලට අයත් බුද්ධිමත් ජනතාව එය අනුමත කලේ නැහැ. එමෙන්ම ඊට අදාළව මේ රටේ සිදුකර ඇති බොහෝ ජනමත සමීක්ෂණ අනුව පෙනී යන්නේත් අද පවා මේ රටේ ජනතාව 20 වන සංශෝධනයට ගරු නොකරන බවයි. ඉතා පැහැදිලි ලෙස ජනතාව එය ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට තිබෙනවා.
ගෞරවණීය සෝභිත හිමිපාණන්ගේ “සාධාරණ සමාජ දර්ශනය” අනුගමනය කරන කණ්ඩායමක් වශයෙන් අපේ අදහස් කෙලින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.
පසුගිය මැතිවරණයෙන් පසු අපි දිගින් දිගටම බලධාරීන්ට ආයාචනය කලේ 20 වැනි සංශෝධනය ගෙනඒම වෙනුවට රට එක්සත් කලහැකි නව ව්‍යවස්ථාවක් ගෙනඒමටයි. රජය ඒ හඬට කන් දුන්නේ නැ. අයුතු ලෙස 3/2 බලය ලබාගත්තා.
ඒ සඳහා අනුගමන කල ප්‍රතිපත්ති යුක්ති ගරුක, සාධාරණ හා පිරිසිදු නොවුවත් ආණ්ඩුවට අද 3/2 බලයක් ඇති බව අපි පිළිගන්නවා.
මේ 20 වැනි සංශෝධනය ගැන හඬ නැගූ බුද්ධිමතුන්ගෙන් අපට ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ලෝකයේ වෙන කොහේවත් දක්නට නැති අසීමිත බලතල ලබාගත් රජයට අද පාලන මිලට හාල් දෙන්න පුළුවන්ද, පොල් ගෙඩියක් දෙන්න පුළුවන්ද, සීනි දෙන්න පුළුවන්ද, සැමන්, බී ලුණු, පරිප්පු දෙන්න පුලුවන් ද? 20 වන සංශෝධනය ගෙනඒම මඟින් ආණ්ඩුව සියදිවි නසාගැනීමේ පළමු පියවර තබන බව අප එදා පෙන්වා දුන්නා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එසේ කීවේ එසේ වේවා යන ප්‍රාර්ථනයෙන් නොවේ. එය මේ රටේ ජනතාවගේ අපේක්ෂාව නොවන බව අපට හොදටම වැටහුණ නිසයි.
ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මැතිවරණ සමයේ උපයාගත් කීර්ති නාමයට 20 වන සංශෝධනය නිසා බරපතල හානියක් සිදු වුණා. මේ මොහොතේ පවා අප එය පෙන්වා දෙන්නේ අහිතකින් නොවේ. ඉතාමත්ම සද්භාවයකිනි.
ඇත්තටම මේ වනවිට රට මුහුණ දී ඇති තත්වය කුමක් ද? අද වනවිට බලාත්මකව පවතින ගැසට් නිවේදන ගණනාවක් දෙස අවධානය යොමුකල හොත් ඒ බව තේරුම් ගන්නට පුළුවන්.
මාර්තු 17 දින 2167/9 දරණ ගැසට් නිවේදනය අනුව පරිප්පු රු.65 ක් විය යුතුයි. නමුත් අද මිළ කීයද? අද වෙළඳපොලේ පරිප්පු රු.156කට වැඩියි. ගැසට් නිවේදනයට අනුව සැමන් රු.100යි. වර්තමාන මිළ රු. 340 බී ළූණු කිලෝ එක රු.150 වර්තමාන මිළ ඊට බොහෝ වැඩි ඒකත් දවසින් දවසම මිළ වැඩි වෙනවා.
අප්‍රේල් 21 දින 2172/05 දරණ ගැසට් නිවේදනය අනුව කහකුඩු කිලෝව රු.750 යි. වර්තමාන මිළ රු 15000 යි. සැප්තැම්බර් 25 දින 2194/73 දරණ ගැසට් නිවේදනය අනුව පොල් උපරිම මිළ 70 යි. අද ඕනෑම පොල් ගෙඩියක් රුපියල් 100 ටවත් හොයාගන්න නැහැ.
නොවැම්බර් 04 දින 22000/3 දරණ ගැසට් නිවේදනය අනුව සම්බා 94 යි. වර්තමාන මිළ 118 යි. නාඩු 92 යි. වර්තමාන මිළ 100 යි. නොවැම්බර් 10 දින 2201/8 දරණ ගැසට් නිවේදනය අනුව පැකට් කරන ලද සීනි කලෝව රුපියල් 90 යි. එම මිළට වෙළඳ පොලේ සීනී ගන්න නැහැ.
බලයෙන් මත් වෙලා ඉවක් බවක් නොමැතිව නීති රීති පැනවීමෙන් ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවන බව මින් පැහැදිලි වෙනවා.
සාධාරණත්වය උඩු යටිකුරු කරමින් ඒකාධිපති ව්‍යවස්ථාවක් බිහිකර ගැනීමෙන් ජනතාවට කිසිදු යහපතක් ඉටු වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ඒ සියල්ලෙන්ම සිදුවී ඇත්තේ මුලු රටම අවුල්වීමයි.
මේ කළ විනාශයෙන් රට බේරාගන්න පුළුවන්ද කියලා වර්තමානය දෙස පමණක් සලකා බලමින් නොව නූපන් අනාගත පරපුර පිලිබඳව කල්පනා කරමින් එම ප්‍රශ්ණයට අප විසදුම් සොයාගත යුතුයි.
දැන් අප රටක් වශයෙන් තුවාල කරගෙන අවසානයි. අප තවදුරටත් වැනසෙනවාද නැත්නම් රජය පොරොන්දු වී ඇති ආකාරයට නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීමේදී හෝ පිරිසිදු සිතින් එය ක්‍රියාත්මක කර සෞභාග්‍යමත් දේශයක් බිහි කරනවාද යන්න තීරණය කල යුතුයි.
ඒ තීරණය ඇත්තේ ආණ්ඩුවේ බලධාරීන් අතයි.
අද පුවත්පතක් අරන් බැලුවොත් මාධ්‍ය නිවේදනවලට කන් යොමු කලොත් අපිට ඇසෙන්නේ රජයට විරුද්ධ මතධාරීන් දඩයම් කිරීමේ උත්සාහය යි.
මෙවැනි අවස්ථා අතීතයේද විවිධ අවස්ථාවල දැක තිබෙනවා. අපි එය කිසිසේත් අනුමත කරන්නේ නැහැ.
මෙම දුෂ්‍ඨ දේශපාලන සංස්කෘතිය මෙරටින් තුරන් කලයුතුයි. දේශපාලකයින්ට අමතරව විවිධ රාජ්‍ය සේවකයින් දේශපාලන පළිගැනීම්වලට ලක්වී තිබෙනවා. දක්ෂ අවංක ලේකම්වරු හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඊට ඇතුළත්ව තිබෙනවා.
විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැනි පොලිස් නිළධාරීන්ට කරන අකටයුතුකම් ගැන ගෞරවනීය ආගමික නායකවරුන් වහන්සේලා බොහෝ දෙනෙක් අපගේ අවධානය යොමුකර තිබෙනවා.
ඔහුගේ බිරිඳ විසින් සිය සැමියාගේ ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස ජනාධිපතිතුමාට ආයාචනා කර තිබෙනවා. සමාජයේ මෙවැනි මත ඇතිවීම රජයේ කීර්ති නාමයට හානි කරයි.
ශානි අබේසේකර දක්ෂ නිළධාරියෙක් වශයෙන් බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්ව තිබෙනවා.
ළඟකදි සිට පිට වෙන සමහර පුවත්පත් වාර්තා දකින විට විවිධ මාදිලියේ නව මාතෘකා අවුරුදු බොහෝ ගණනකට පසුව එක්වෙනවා.
බුද්ධිමත් ජනතාවට මේවා ගැටලු සහිතයි. එමෙන්ම ඔහුගේ ලේ ඉල්ලන බලගතු කණ්ඩායමක් සිටින බවට තොරතුරු දැන් එළිවෙමින් පවතිනවා.
අපි මේ කරුණු සඳහන් කළේ රටේ කීර්ති නාමයට හානිවන, පොලීසියේ ගෞරවයට හානිවන සිද්ධීන් ඇතිවීමට ඉඩ නොතබන ලෙස රජයෙන් ඉල්ලීමටයි. අපගේ අදහස් වරදවා තේරුම් ගන්න එපා.
ඒවගේම මේ දිනවල රාජ්‍ය ටෙන්ඩර්වලින් සිදුවන අක්‍රමිකතා ගැන වාර්තා වෙනවා.
මේවාහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම තුළ රටට බිලියන ට්‍රිලියන ගණන් මුදල් පිල්ලි ගැසිය හැකි අවස්ථා ඇතිකරදී තිබෙනවා.
අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ ප්‍රසම්පාදන කමිටුව අවුරුදු 4 ½ක කාලයක් තුළ කරපු කිසිදෙයක් නොමැති බවයි.
එය සම්පූර්ණ අසත්‍යයක්. ඒ බව කණගාටුවෙන් වුවත් කිව යුතුමයි. අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවිටත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වී තිබුණේ නැහැ.
විවිධ දෙපාර්තමේන්තුවල හිරවී නීතිපතිතුමාගේ එකඟත්වය ප්‍රසම්පාදන කොමිසමට ලැබී තිබුණත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වුණේ නැහැ.
එම නිසා ද්වේශ සහගතව කරුණු කියමින් ජනතා සුභ සිද්ධියට හා රටේ යහපතට යොදවාගත හැකි ආයතනයක් විනාශ කිරීම ගැන කිසිසේත්ම සමාව දිය නොහැකියි.
මේ වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව තුළදී අප ගත් දැඩි උත්සාහය මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක වශයෙන් සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් හොඳින් දන්නවා.
එහි ඇති වටිනාකම අප එතුමාට පැහැදිළි කර තිබෙනවා.
මෙම ආයතනය නියමිත ලෙස ක්‍රියාත්මක වූයේ නම්, මේ දිනවල ඇසෙන ටෙන්ඩර් මගඩි ඇතිවන්නේ නෑ.
ප්‍රසම්පාදන කමිටු වෙනුවෙන් අප නැගී සිටිනවා.
සාකච්ඡාව අවසාන කිරීමට පෙර වැදගත් කරුණක් පැහැදිළි කිරීමට අදහස් කරනවා.
අද අප මේ කතා කරන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින දේශමාමක පුරවැසියන්ගෙන් සැදුම්ලත් වගකීමකින් යුක්ත සංවිධානයක් ලෙසට යි.
අපට දේශපාලන අරමුණු නැහැ. එම නිසා අපව සතුරන් ලෙස සළකන්න එපා" යයිද ඔහු එහිදී පැවසීය.
COMMENTS
දැන් පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න. ඔයාලා ගියපාර ඡන්දයෙන් සියදිවි නසාගත්තා. ආයේ නැගිටීමක් නැහැ.
වයසට ගියත් අපේ මේ කරු අයිය හොඳ විහිළු කාරයෙක්නේ. අම්මපා කරු අයියේ , අයිය කතා කරන්නේ කොයි පැත්තෙන්ද හැබෑවටම? ඇත්තටම අයියලා දියවන්නාව පට්ටියේ ලක්ෂේට කොඩිය දාලා ඉන්න කාලේ කොච්චර සියදිවි නසාගත්තද? ඔව් ඔව් වයසට යනකොට හැමදේම අමතක වෙනවනේ කරු අයියේ... එ්ක ඉතින් සක්කරයාටවත් නවත්වන්න බැහැනේ .. ලෝක ස්වභාවේ ඕක තමයි..
අනේ සීයේ තවත් පවු නොදී පැත්තකට වෙලා ඉන්න. එජාපේ කාලා, කතානායකගේ ගෞරවයත් නැති කරලා, රටත් කාලා දැන් එනවා මෙතන රට හදන හැටි කියන්න.
UNP සහ SLFP සියදිවි නසා ගත්තා 19 යෙන්... බොරුද?
කරන්න පුළුවන් සේරම දහජරා වැඩ කරලා දැන් එනවා රට හදන හැටි පෙන්වන්න. මෙයා හිතාගෙන ඉන්නේ කොරෝනා තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි කියලා. දෙයියනේ කියලා බණක් භාවනාවක් කරගෙන ඉන්න.
මෙතුමා තාමත් හොල්මන් කරන බවයි පෙන්නන්න හදන්නේ...
අනේ සීයෙ පෙන්ෂන් ගියා නම් පව් නොදී වැඩක් බලාගෙන ඉන්නවද?