IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ආණ්ඩුව විද්වත් මතයට ඇහුම්කන් දිය යුතුයි‘‘

(ඩයනා උදයංගනී)

වත්මන් රජය ජනතා ප්‍රශ්නවලට සංවේදී නොවීමේ හා විද්වත් මතයට ඇහුම්කන් නොදීමේ සිය ආකල්පය වෙනස් කර නොගතහොත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීමට පමණක් නොව කොවිඩ් වසංගතය ආදී රටේ පවතින සෙසු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ද නොහැකි වනු ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

රජය කොරෝනා ඇතුළු සැම ප්‍රශ්නයකදීම ජනතා වේදනාව සම්බන්ධයෙන් සංවේදී වන්නේ හෝ විද්වතුන්ට ඇහුම්කන් දෙන්නේ නැතැයි කී පියතුමෝ ඔවුන් ඒ ආකාරයෙන් කටයුතු කළහොත් රට අගාධයට යාම වැළැක්විය නොහැකි බව ද සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වන අනිද්දා (21) දිනයේදී කතෝලික සභාව මගින් නිහඬ කළු විරෝධතාවයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ ද රජයේ ආකල්ප වෙනස් කර නිවැරදි මාවතට යොමුකරවීම හා පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකරවා ගැනීම බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කීහ.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීම හා එය වළක්වාගත හැකිව තිබියදීත් වළක්වා නොගත් නිලධාරීන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පවතින රජයේ වගකීමක් බව ද පියතුමෝ සඳහන් කළහ.

තමන්ගේ පක්‍ෂයට, බලයට වඩා රට ගැන සිතා කටයුතු කරන වෙනසක් රජය ඇතිකරගත යුතු ද පියතුමෝ කීහ.

රජයේ මෙම වැඩපිළිවෙල වෙනස් කරගන්නැයි බලකිරීම සඳහා අනිද්දා (21) පවත්වන විරෝධතාවයේදී එදින උදෑසන 8.45ට සියලු දේවස්ථානවල සීනු නාදකර උදෑසන 9.45 දක්වා යාඥා මෙහෙයක් පැවැත්වීම ජනතා සහභාගීත්වයෙන් තොරව පියතුමන්ලා හා කන්‍යා සොහොයුරියන් විසින් සිදුකරන බව ද සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

එදින රාත්‍රී 7.00 සිට 8.00 දක්වා ප්‍රහාරයෙන් මියගිය අය හා රට වෙනුවෙන් නිවෙස්වල සිට යාඥා කරන ලෙසත්, නිවෙස් ඉදිරිපිට, වෙළඳ ව්‍යාපාර වසා ඒ ඉදිරිපිට හා වාහනවල කළු කොඩි ඔසවන්නැයි ඉල්ලීමක් කළ පියතුමෝ මෙයට සහය දෙන ලෙස සියලු ආගම් නියෝජනය කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසූහ.

 



අදහස් (8)

‘‘ආණ්ඩුව විද්වත් මතයට ඇහුම්කන් දිය යුතුයි‘‘

Ratne Thursday, 19 August 2021 09:29 PM

පියතුමණි ඔබ නිවැරදිය. රටේ බහුතර අපි රැවටුණා,

:       0       0

Danaj Thursday, 19 August 2021 09:57 PM

අපි කවුරුත් යාඥා කරමු..... ඥාව්.... ඥාව්....

:       0       0

CHANDIMA Thursday, 19 August 2021 10:17 PM

එදා අපිට කොටි ගහද්දි කලු කොඩි එල්ලන්න කිවුවේ නැහැනේ ?

:       0       2

Sri Lanka Friday, 20 August 2021 02:38 AM

රට වහන්න කියලද කියන්නේ ,බොරදියේ මාළු බාන්න එපා .ගොනා හැරෙනකොට දන්නවා කාටද කඩේ යන්නේ කියලා

:       0       1

Rveendra Friday, 20 August 2021 06:17 AM

අවසරයි පුජකතුමණි....ඔබ වහන්සේගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. පළමුව අප 225 කින් පරිපුර්නාවූ දියවනාව "පට්ටියේ තිරිසනුන් එකෙකුටවත්" කඩේ නොයන්නොය. ( මනසින් උසස් මිනිසුන්ට අප හදවතින්ම ගරු කරන්නෝ වන අතර තිරිසනුන්ට තිරිසනුන් යයි ආමන්ත්‍රණය කිරීමට අප බිය නොවන්නෝය.) ඔබ වහන්සේ ගෙන් මෙන්ම මෙම කියන විද්වතුන් ගෙන්ද මෙම පැනයන් විමසීමට කැමැත්තෙම්. අප බලාපොරොත්තු වෙනවා එකදු කාලකන්නි පක්ෂවල ඇම්බැට්ටයන් නොවී සමබවර පිළිතුරු ලබාදෙයි යන්න.මෙම තිරිසනුන් 225 පැවැත්වූ උත්සව, උද්ගෝෂණ, වැඩ වැඩවර්ජන වලදී මෝඩ තකතීරු චන්දදායකයන් එකරාශිවිමෙන් මෙම රෝගය පැතිරවීමට මෙන්ම ඒ ඒ මෝඩ ගොන් චන්දදායකයන් මිය පරලොව යාමට ඍජුවම වගකිව යුත්තේ මේ දේශපාලුවන් 225 දෙනා නොවේද ? එම අවස්ථාවලදී ඔබවහන්සේලා ප්‍රමුක මේ කියන විද්වතුන් නිහඩ පිළිවෙතක් අනුගමනය කලේ මන්ද ?? උද්ගෝෂණ වැඩවර්ජන කරමින් උපරිමයෙන් රට අස්ථාවර කරන්න උදව් කල ඒ විපක්ශවල බූරුවන් දැන් කිබුල් කදුළු හෙලමින් රට වහන්න කියන මෙන්ම එදා වෙලා හොයා ගන්න මිනිසුන්ගේ ගැටලුව ගැන කියමින් රට වැසීම නොකළ යුතුයි කියන හරකුන් අපේ මේ මෝඩ චන්දදායකයන්ගේ මරණවලට ඍජුවම වගකිව යුතු නොවේද ?

:       0       1

කිරි පුතා Friday, 20 August 2021 10:24 AM

විද්වතුනුත් රටක පාලනය, ආර්ථිකය ගැනත් සිතිය යුතුයි. මෙයාලා නම් මේ දේශපාලනය යටි හිතේ තියාගෙනනේ කතා කරන්නේ...

:       1       5

Bamunuarachchi Friday, 20 August 2021 11:21 AM

පියතුමෝ වෛද්‍ය විශේෂඥයින්ම කොටසක් කියනවා සම්පූර්ණයෙන් රට වහන්න තවත් වෛද්‍ය විශේෂඥයින් රට සම්පූර්ණයෙන් වහන්න එපා කියලා. දැන් කාගේ මතයද ක්‍රියාත්මක කරන්න ඕනේ... ?

:       1       5

chandana Friday, 20 August 2021 12:26 PM

දැන් ආණ්ඩුවට අවවාද කරන්න, තර්ජනය කරන්න, ප්‍රකාශ නිකුත් කරන්න අති බහුස්‍රැතයින්, විද්වතුන් පොකුරු පිටින් බිහිවෙලා. ඒල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් කරපු දේවල් වලට විරුද්ධව ඒ කාලේ මීක් සද්දයක් වත් ඇහුනේ නැත්තේ ඒල්.ටී.ටී.ඊ. ඒක කරපු දේවල් අපරාධ නෙවෙයි කියලා හිතිලද මන්දා. ඒ කාලේ මිනිස්සු මැරුණේ නැහැ කියලා හිතලද මන්දා. ඒ කාලේ සිද්ධස්ථානවලට කිසිම තර්ජනයක් වුනේ නැහැ කියලා හිතලද මන්දා. මොකක් හරි අමුතු දේශපාලනයක් තියෙනවා වගේ තමයි. නරියාව අඳුනගන්න වෙන්නේ හූවෙන් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28379 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site