(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමට නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙය මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බව ද මන්ත්‍රීවරයා කීය.
"රජය සහ නිව් පෝට්‍රස් එනර්ජි සමාගම අතර ගිවිසුම ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටියා.එම ගිවිසුම අප සතුව තිබුණා නම් මේ විවාදයේ දී ඉතා වැදගත් වෙනවා.ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැහැ.
මා සතුව ඒ ගිවිසුම තිබෙනවා.මොවුන් පාර්ලිමේන්තුවට ගිවිසුම ඉදිරිපත් නොකර සඟවාගෙන සිටිනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පරමාධිපත්‍ය විශ්වාස කරන ඕනෑම ආණ්ඩුවක් විසින් කළ යුතු දෙයක් බව කිව යුතුයි.
මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමයි.නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයි.එම නිසා මෙය මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බව කිව යුතුයි.මේ ගිවිසුම වසර දෙකක් යනතුරු දෙපාර්ශවය අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශයට පත් නොකිරීමට ද එකඟතාවයක් ඇති වී තිබෙනවා. මේ රටේ දේපළ සම්බන්ධයෙන් එහෙම කරන්න පුලුවන්ද?"යනුවෙන්ද අනුර දිසානායක මහතා කීවේය.
න ගැනීමට අයිතියක් තිබෙන බවද ඔහු කීවේය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද එය නොලැබුණු බව සඳහන් කළ මන්ත්‍රීවරයා රටේ මහජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගැනීමට තමා මෙම ගිවිසුම සභාගත කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවනි 69 ලක්ෂයක, ඔන්න විපක්ෂයේ කාර්යභාරය ඔහු කළා. දැන් මහජන කාර්ය භාරය කරනවාද කරුණාකර.
නියම වැඩක්! එය දිගටම කරගෙන යන්න!!!
කට ඇරියොත් බොරු කියන ඔයා ගැන කොහොමත් විශ්වාස නැහැ.
මේ අපතයින්ට මතක නැහැ යහ පාලනය කාලයේදී කැබිනට් එක අන්දවපු හැටි .කැබිනට් එකේ නැතත් අත යට බුරුස් ගහපු අය තමයි මේ
අනිවාර්යයෙන්ම...!
අම්මා මොකද? පුංචි අම්මා මොකද? දෙන්නාම අම්මලා..
ඕක මොකක්ද? ජෙප්පන් ඩොලර් ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන්නේ නැතිව සෞභාග්‍යය පෙන්නලා රටම අන්දලා තිබෙන්නේ...
ඔය කියන ආණ්ඩුවේ සහෝදර කට්ටිය, පුතා, ඥාති පුතා අන්දන්නේ ආණ්ඩුවේ කට්ටිය විතරක් නෙවෙයි . මුළු රටම අන්දනවා...
විපක්ෂයේ වගකීම ඉටු කළාට ස්තුතියි. ජනතාවනි ඔබේ යුතුකම ඉටු කරන්නේ කවදාද?
20ට අත් දෙකම උස්සපු ගොන්නුනේ ඉන්නේ... ඉතින් අලුතින් අන්දන්න දෙයක් නෑ. නිකන්ම ඇන්දෙනවා.
69 ලක්ශයක් මෝඩයන් විසින් බලයට පත්කලා. ලේ පිපාසිත වෘකයන්ගේ සහායෙන් 20 වැනි සන්ශෝදනය සම්මත කර ගත්තා. "මම කියන දේ තමයි නීතිය"කිව්වා. දැන් මේ මුලු රාජ්‍යම විකුනණ්න සැලසුම් කරනවා. තව කොතෙක් කලක් සෝ සුසුම් හෙලමින් අනේ අපොයි කියමින් හඩාවැටෙමින් බලා සිටිමුද අපි?
මේ වැදගත් තොරතුරු සඟවන්නට හේතුව කුමක්ද?
කතාවේ භාගයිනේ අනුර කුමාර මහත්තයා කිව්වේ .ඒ කම්පැනිය කාගේද කියලා හොයලා බලලා ඒකත් කිව්වා නම් ?
මේ විදිහට ජාතිය පාවා දීමක් කල හැක්කේ රාජපක්ෂ කෙනෙකුටම මිස වෙන කාටද ?
බයවෙන්න එපා මේක පිටරටකට විකුණලා නැහැ. මල්වානේ මාලිගාව අයිති මොලහතේ හාමුලු මේකෙත් අයිතිකාරයා...
මේ කාලකන්නි රැල අනාගතයේදී උපදින දරුවන්න්ට නිදහසේ තමන්ගේ කියලා හුස්මක් ගන්න රටක් ඉතිරි කරන්නේ නැහැ නේද? එක්කෝ වරාය විකුණලා නැත්නම් හොර ගිවිසුම් ගහලා නොරැටියන්ට සියලු දේ හිමිකරලා දීලා. ඔවුන්ට සිද්ධ වෙන්නේ මොවුන්ට සාප කරකර කාලකන්නි විදියට ඉන්න නේද? මොන මගුලකටද අර තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවා කියන්නේ? මේ ඔක්කොම හොරෙන්ම ගේම දෙනවා. බලන්න අර චීන පෝර මගඩිය... දන්නා මිනිස්සු කොච්චර කිව්වද ඔය ජරාව ගන්න එපා කියලා. වැරදි විදියට ගිවිසුම් ගහලා ඩොලර් කෝටියකට විතර කෙලෙව්වාට පස්සේ කරපු එකා සද්ද නැතිව ඉන්නවා.. මොකද එයාගේ කුට්ටිය දැනටමත් අරන් මාරුවෙලා ඇති.