(අංජුල මහික වීරරත්න)
කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුව දැන් පළමුව කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් වයිරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම බව කී වික්‍රමසිංහ මහතා මෙි මොහොතේ ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා යැයිද එසේ කරන්නට ලංකාව බහිරව කන්දක් නොවෙි යැයිද සඳහන් කළේය.
ලංකාවේ රුපියල බාල්දු වුණේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසා බවත් මෙි මොහොතේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
COMMENTS
කාලකන්නි, පළමු රැල්ලෙන් පස්සේ මොකුත් කලේ නැහැ.
කළ දුටු කල වල ඉහගන්න හදනවා. රුපියල බාල්දුවුණේ මහබැංකුවේ සල්ලි හොරකම් කරපු නිසායි. ඔහේගේ මම රුපියල් 5ට ඩොලර් එක තිබුණු කාලේ විවෘත ආර්ථිකේ කියලා රුපියල බාල්දු කරපු දවසේ ඉඳන් අද වෙනකල් සල්ලි අච්චු ගැහුවා මතක නැද්ද? කඩ ගිනි තියලා, පුස්තකාල පුච්චලා අවුරුදු 30ක යුද්දෙට රට ඇදලා දැම්මා. මතක නැතිද? ඒ යුද්දේ ඉවර කරනවා වෙනුවට සුද්දා පස්සෙන් ගියා මතක නැතිද? අන්තිමේදී සුද්දන් ඔහේට කොකා පෙන්නලා ලංකාව, ඉන්දියාවට බූදල් කරා මතක නැතිද? මෙයා හිතන් ඉන්නේ ආයෙත් අපිව අන්දන්න පුළුවන් කියලා..
පළමු රැල්ලෙන් පස්සේ මොකුත් කලේ නැහැ.
රනිල් හරි, හිටං හරි හිටියා නම් මෙහෙම වෙන එකක් නෑ.
සර් හැමදේම දන්නවා එයාට උපදෙස් දීලා වැඩක් නෑ. හැබැයි කෙලවෙනකොට සෞඛ්‍ය අංශ පිට දාලා ඇඟ බේර ගත්තු බව ගියපාර කොවිඩ් රැල්ලෙදි අපි දැක්කා. ඔබතුමාලාගේ ආණ්ඩුවට එදා බුද්ධි අංශ එච්චර කියලත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණා. මේ ආණ්ඩුවට සෞඛ්‍ය අංශ කොච්චර කිව්වත් මිනිස්සු මැරෙන්න ඇරලා ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. බලය තියෙන කොට ඔය දෙගොල්ලන්ම අතර වෙනසක් නෑ...
අනේ කටවහන් ඉන්න මුත්තේ... අායේ පාර්ලිමේන්තු යන්නද හදන්නේ... මේ නහින දෙහින කාලේ...
සැරින් සැරේට නරි හූ කියනවා...
ඔබතුමා හැර පවතින තත්ත්වයට මුහුණ දිය හැකි පලපුරුදු නායකත්වයක් රටේ නැත. මේ ඔබගේ සේවය රටට අවැසි මොහොතයි.
රනිල් වික්‍රමසිංහ මහතා යනු රටේ පිනට පහළ වූ එහෙත් කාගේ හෝ කරුමයක් නිසා රටට නිසි ප්‍රයෝජනයක් ගත නොහැකිවූ නායකයෙකි. 2002 චන්ද්‍රිකා, රනිල්, 2007 මහින්ද, රනිල් (සාකච්ඡා පමණක් විය), 2015 මෛත්‍රි රනිල් මෙම පාලන කාලයන් තුන තුලදි රනිල් නියමාකාරයෙන් මෙහෙයවාගෙන රටේ දියුණුුව වෙනුවෙන් කිසිවකු කටයුතු කලේ නැත. එයට හේතුව රනිල්ගේ හැකියාව පිළිබඳ අනෙක් පාර්ශවයේ තිබුණු බය හා රනිල්ට තම හැකියාව පිළිබඳ තිබූ අධිතක්සේරුව වේ.
ඔහේගේ ඔය වදන් ඕනෑ නැහැ.. හිටපු කාලේ කරපුවා තවම මතකයි.. ඉතින් දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්න....