IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘‘ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝණය කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනබලය ගිලිහෙමින් යන වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපල ,  රාජය බලය සහ  රාජ්‍ය යාන්ත්‍රණය  යොදාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පැවැසීය.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවළට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මෙසේද කීය.

                ‘‘මේ මැතිවරණයට පොහොට්ටුවෙන්  තරග කරන්න යන අපේක්ෂකයන් දිහා බලපුවහම ජනතාවට මේ මැතිවරණය ගැන කල් තියාම තීන්දුවක් ගත හැකියි. වෛද්‍ය සාෆිගේ ප්‍රශ්නයේදී මූලිකත්වය ගෙන කටයුතු කළ කුරුණෑගල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා එම තනතුරේ සිටියදීම මැතිවරණ ව්‍යාපාරයට  ඉදිරිපත් වෙලා තියෙනවා. මෙය නීති විරෝධියි.

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ ගොඩනැගිල්ලේදී එතුමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළා. මේ කටයුතු වලට රජයේ වාහන සහ රෝහල් කාර්ය මණ්ඩලයත් සහභාගි වුණා. මේවා නීති විරෝධී වැඩ. අපි මේ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මැතිවරණ කොමිසමටත් පැමැණිලි කරනවා.

මේ වගේ  වැඩ කරන්න එපා කියලා වත්මන් රජයටත්  ජනාධිපතිතුමාටත් අපි කියන්න ඕන. දූෂණයෙන් තොරව නීතියට මුල් තැන දෙමින් රට  ඉදිරියට ගෙනියනවා කියලා මේ අය බලයට ආවා.

අද මේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් රවට්ටලා තියෙනවා. 45000 කට පත්විම් ගැහුවා කියලා ඩලස් අලහප්පෙරුම මහතා කිව්වා.  බොරු පොරොන්දු දීලා මේ  උපාධිධාරීන් රැවටීම ගැන අපි කණගාටු වෙනවා.

මේ පුහුණුව්ම් නතර කරන්න කියලා මැතිවරණ කොමිසන් සභාවෙන්  ප්‍රදේශීය ලේකම්වරුන්ටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ලිපි යොමු කරලා තියෙනවා. අපේ රජය විසුරුවීමට පෙර පුහුණුවීම් ලබාදීලා රැකියා  ලබාදෙන්න අපි කටයුතු කළා. මේ  ආණ්ඩුව ආපු ගමන් ඒ පුහුණුවීම්  ලැබූ අහිංසක තරුණ පිරිස් අයින් කළා. මේ ආණ්ඩුවේ පිරිස් මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි.

එක පැත්තකින් රැකියාවලින් දොට්ට දාන ගමන් අනිත් පැත්තෙන් රැකියා දෙන බවට තරුණ පිරිස් රවට්ටනවා. රැකියා නොමැතිව පීඩාවට පත්ව සිටින මේ  අහිංසක ජනතාව මුලා කරන්න එපා කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා.

නීතිය හා සාමයට වගේම අද ප්‍රජාතන්ත්‍රවාදයට  සහ නිදහසටත් මේ ආණ්ඩුවෙන් විශාල බලපෑමක් එල්ලවෙලා තියෙනවා. මහපාරේ සිට පාසලට විශ්ව විද්‍යාලවලට, රටේ පරිපාලන කටයුතු වලට අද ආරක්ෂක හමුදාව යොදවලා තියෙනවා. මේවා ඉදිරියේදී බරපතල ප්‍රශ්න බවට පත්ව තිබෙනවා.

ජනතාවට සහන ලබාදෙන්න අපේ ආණ්ඩුව ඉදිරිපත් කළ සියලුම සහන මේ ආණ්ඩුව  නවත්වලා තියෙනවා. අපේ රජය යටතේ  එන්ට්‍රප්‍රයිස්  ශ්‍රී ලංකා  වැඩසටහනට ඇතුළු මේ සහන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා බිලියන ගානක් මුදල් වෙන්කරලා තිබුණා. දැන් ඒ සල්ලි කෝ කියලා අපි අහනවා.

අද ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල  පහත  වැටෙමින් තිබෙනවා. ජනතාවට ඒකෙන් සත පහක  සහනයක් දීලා නැහැ. අනිත් පැත්තෙන් දැන් වෙළඳපොලපෙල්  සියලුම බඩුමිල ඉහළ ගිහින් තියෙනවා. 

දුම්රියවල මත්කුඩු ප්‍රවාහනය කරන බවට දැන් ඇමතිවරු රජයේ සේවකයන්ට අභූත චෝදනා නගනවා. මේ ආණ්ඩුව අකාර්යක්ෂම  පාලනයක් තමයි අද ගෙනියන්නේ.

අද මේ ආණ්ඩුවෙන් ජනබලය ඈත්වෙමින් යනවා. මේ මැතිවරණයටත් රාජ්‍ය දේපල, රාජය බලය, රාජ්‍ය යාන්ත්‍රණය  යොදාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කිරිට උත්සාහ ගනිමින් යනවා. මේ ආණ්ඩුවට එරෙහිව පියවර ගන්නා ලෙසට අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (14)

‘‘ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝණය කරනවා‘‘

මුණසිංහ Friday, 06 March 2020 02:48 PM

මෙයා ඉපදිලා තියෙන්නේ පහුගිය නොවැම්බර්වලින් පස්සේ...

:       1241       1122

vinivida Friday, 06 March 2020 02:55 PM

දේශපාලන පලපුරුද්දක් නොමැති ජනාධිපති කෙනෙක් පත් කරලා ඉන්නවා. ව්‍යවස්ථාව පිළිබඳව කිසියම් වූ අවබෝධයක් නැත. ආර්ථිකය පිළිබඳවද එසේමය. නීතිය පිළිබඳව කිසිම අවබෝදයක් නැත. එමනිසා නීති වෙනස් කළයුතුබව කියනු පෙනේ. නීතියෙන් ජනතාවට කරදර බව ඔහු කිව්වත් ජනතාව කියන්නේ රටේ නීති හරිහැටි ක්‍රියාත්මක නොවන බවකි. මේ රජයයේ කතා කාරයන් බොහෝය.. වැඩකාරයන් නොමැත. මේ රජය වැඩිදුර දුවන්නේ නැත..

:       2058       2358

BamunuarachchiFriday, 06 March 2020 05:30 PM

කතාව ඇත්ත. දේශපාලන පළපුරුද්දක් නොමැති වයස 70ක කෙනෙකු දේශපාලනය ට එනවා කියන්නේ හරියට පිනාගන්නවත් බැරිව මුහුදට පනිනවා වගේ තමා. ඔය වයසට දේශපාලනය කරන එක දන්නා කෙනෙකුට නම් ප්‍රශ්නයක් නොවේ. විවේකයෙන් ඉන්න තියෙන එක නැතිකරගෙන් නොදන්නා දේවල්වලට ඇත ගහලා. දැන් එක වරයකින්ම එපාවෙලා කියලා නොකියා කියනවා රටේ මෙතරම් වැඩ තිබියදී උද්ඝෝෂණ වලට වැඩි කාලයක් දෙන්නේ... එන්න පෙර කියපුවා කෙරුවා නම් මෙහෙම් උද්ඝෝෂණවල කාලය වැය කරන්න වෙන්නේ නැත.

:       1333       1414

upali Friday, 06 March 2020 03:53 PM

මහින්ද සමරසිංහගේ කෙනෙක්..

:       22       133

රජින්ද Friday, 06 March 2020 04:38 PM

නම ඇහුවෙත් අදයි දුක ඇති පැන්ෂන් එක අරන් පිනට ඉන්න තිබ්බ අවස්ථාව නොදී පාර්ලිමේන්තුව විසිරුවාට...

:       653       731

Raveendra Saturday, 07 March 2020 04:16 AM

ඇත්තටම මේ ගොයියා කව්ද? තාම කීරෙන් ඇරිලා නැහැ වගේ... මොනවද මේ අය රටේ දේශපාලනය ගැන දන්නේ? හා කියන්නකෝ බලන්න ප්‍රේමදාස ගොයියා අණපනත් පැය කීපයකින් වෙනස් කරලා මැද කොළඹ හිවලුන්ගේ ඡන්ද ටික ගත්ත හැටි ඔච්චරම රටට ආදරේ නම් හා ඒ වැඩේ නිවැරදිද කියලා...

:       314       353

Dumudu Saturday, 07 March 2020 04:18 AM

රට, ජාතිය, ආගම විනාශ කරපු එවුන්ට ගිය අවුරුදු හතරහමාර අමතක වුණාට මේ රටේ දුප්පත් ජනතාවට අමතක වෙලා නැ බොලව්...

:       521       409

Athula k Saturday, 07 March 2020 06:10 AM

පසුගිය දිනක හැඳුනුම්පත අලුත් කරන්න එක දින සේවයට 6ට ඇතුළට ගිය මම වැඩේ කරගෙන 8ට එළියේ... මේ ලංකාවද කියලා අදහා ගන්න බැරි වුණා. ඔය වෙනස කලේ ඔහේගේ බාප්පොච්චි වෙන්න ඇති නේද?

:       244       306

BamunuarachchiSaturday, 07 March 2020 03:43 PM

ඔහේගේ කෙනෙක් වෙන්න ඇති ඇතුලේ හිටියේ. නිකන් ගල් පැලෙන කෙබර නොගහ ඉන්නවා. දැන්වත් ඔය වහල්කම අතහරිනවා.

:       0       0

Maduranga Saturday, 07 March 2020 08:45 AM

මේ රජය දැනටමත් ජනතාවගේ ප්‍රසාදය අඩුකරගෙන තියෙන්නේ පසුගිය මාස කිහිපය දිහා බැලුවම... හැබැයි තවම කල් තියෙනවා මිනිසුන්ට දැනෙන්න වැඩක් කරන්න. ඒක නොකළත් නම් ඉතින් කළින් ආණ්ඩුවට වුණා වගේම වෙයි..

:       245       317

SANATH Saturday, 07 March 2020 10:17 AM

මේ කවුද? ඇහුවෙත් අදයි.. මන්ත්‍රී කෙනෙක් වුනේ කවදාද? රටට‍ කළ සේවයක් තියෙනවද?

:       54       11

BamunuarachchiSaturday, 07 March 2020 03:48 PM

ඇයි ඔහේ හිතාගෙන හිටියේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මහින්දයි, නාමලුයි, විමලුයි, ගම්මන්පිලයයි, අර මාල කඩන රෝහිතයයි විතරයි කියලද? ඒකේ 225ක් ඉන්නවා. පත්තරයක් පොතක් බලලා මොනවා හරි දෙයක් ඉගෙනගෙන එනවා දේශපාලන පෝස්ට් වලට කමෙන්ට් දාන්න කලින්.

:       0       0

SunilSunday, 08 March 2020 06:58 AM

මෙය රට වටේම අන්තප්පුරයක් නඩත්තු කරන කෙනෙක්. විශ්‍රාම වැටුම නැතුව බයවෙලා.

:       0       0

prakaash Saturday, 07 March 2020 10:51 AM

මේ කවුද?

:       86       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site