
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වත් වැඩිපුරම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේ දී බව කී විජිත හේරත් මහතා රටේ මුළු ණය ට්‍රිලියන 21ක් වන අතර එයින් ට්‍රිලියන අටක්ම ගන්නේ ගෝඨාභය සමයේදී බව සඳහන් කළේය.
දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා යන කතාව යැයිද විජිත හේරත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව පමණක් නොවේ. හිටපු කොයි ආණ්ඩුවත් කලේ ඔය ටිකම තමයි. ඔයාලා හිටපු ආණ්ඩුත් එහෙම තමයි. දැන් එකම බලාපොරොත්තුව ඔයාලගේ 225 වෙන කැබිනට් මණ්ඩලේ තමයි. ඇමැතිකම් කීපයක් නම් කරලා දෙන අයත් කියලා තිබ්බනේ. එකම සරණ ඔබලාම තමයි.
ඇත්ත කතාව. ඒත් මේ මන්ද බුද්ධික වහල් ජනතාව කැමැති නෑ.. ජාතියක්, රටක් විදිහට නැගිටින්න. ලෝකෙටම තියෙන එකම පන්සල ශ්‍රී ලංකාව... ඒත් ඒක පාලනය කරන්නේ අධම හොරු රැළක්...
වෙන මොනවා කරන්නද සහෝදරයා...? වැඩ බැරි ටාසන්ලා බලේට ගෙනාපුවාම...
තමන්ට තිබෙන්නේ හොර සිතක් නම් අනුන්ව පේන්නේ හොරුන් වගේ තමයි. ඔය බොරු බේගල් ඇදබාන අපත ජෙප්පොත් ඒ වගේ තමයි.. රට්ටු හදන්න පෙර තමන් ආදර්ශ විය යුතුයි. ඒක වටහාගන්න.
සෙනෙවිට අමතකද මන්දා යහපාලනයේ හිටපු බැංකු හොරුන්ට කඩේ ගිහිල්ලා උපයා ගත්ත හොර සල්ලි
ඒ කාලේ මංකොල්ල කාපු රත්තරං ටික එළියට දාමු නේද?
ජවිපයේ ප්‍රතිපත්තිය කිසි වැඩක් නොකර පිනට කෑම. මහජන මුදල් කමින් පාර්ලිමේන්තුව සහ ජනතාව නොමග යැවීම...
මොලේ කළඳක් නැති, එළොවටත් නැති මෙලොවටත් නැති අපත ජෙප්පන් හිටු කියලා කමෙන්ට්ස් වලට ලයික් දානවා. එහෙමවත් සැනසීමක් ලබාගන්න.
නුඹලා කියපල්ලා වැරදිලාවත් බලය ලැබුනොත් තෙල්, බෙහෙත්, කෑම බීම, රටට අවශ්‍ය දේවල් ගෙනෙන්නේ කොහොමද කියලා? අම්මගේ අප්පාගේ බූදලෙන්ද?
අපි ජේවීපී වහල්ලු වෙන්න කමති නැහැ. ඔහෙලා ජේවීපී වහල්කමින් මිදිලා නැහැ නේද? අපිට අපේ වහල්කම ගැන කතා කරන්න පුලුවන් ඔහෙලට ඔහෙලාගේ වහල්කම ගැන කතා කරන්න පුළුවන්ද? එහෙම නම් අපි පුන පුනා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. 1. ජෙප්පන්ට පාලන බලය ලැබුණොත් රට කොමියුනිස්ට් පාලනයකට යනවාද? රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යනවාද? රටේ දූෂණ නැතිකරනවා කියන ගොබ්බ කතා අපිට අදාළ නැහැ.