IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු වන ආකාරයෙන් කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ හේතුවෙන් රට ජාත්‍යන්තර වශයෙන් විශාල  අපකීර්තියකට පත් ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා මෙසේද කීය.


  "වර්තමාන රජය බලයට පත්වු දා සිට එකම පොසොන් පොහොයක් වත් වන්දනා මාන කරන්න හැකි වුනේ නැහැ. වර්තමාන රජයේ වැඩපිළිවෙළට ස්භාවධර්මයෙන් පවා  අවහිරතා  ඇවිත්. එදා රජය පත්කරන වෙලාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගොඩක් මතක් කරේ ස්වභාව ධර්මයෙන් යහපතක් වන්නේ රටට ගැලපෙන නිහතමානී නායකයෙක් ඉන්නා විට කියලා.

දැන් අපිට තේරෙනවා මොකක්ද සිදුවෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් අද මේ කොරෝනා තත්ත්වය තුල රටේ ජනතාව ජීවත තර්ජනයට ලක්වෙලා.  මේ වනවිට මියයන ප්‍රමාණයෙන් වැඩි පිරිසක් නිවස තුල හෝ රෝහලට ගෙන යනවිට මියගිහින්.

බොහෝ රෝගීන් නිව්මෝනියාව තත්ත්වයට පත්වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවෙන්  ඔක්සිජන් නැති නිසා මිය යනවා.  එය ඉතා  අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වය තුල සමස්ත ජනතාවම දුක්විදිනවා. නමුත් රජයේ සමහරු කොරෝනාව ගරානාවක් කරගෙන.

ඇන්ටිජන් එක ඉන්ජෙක්ෂන් එක ඇතුළු උපකරණ ගෙන්වීමේදී එකම ගජමිතුරු කල්ලියක් තමයි මේවට සම්බන්ධ වෙලා ඉන්නේ. රටේ ජනතාව මහපාරේ හෝ නිවස තුල මැරෙද්දි රජය මොකද්ද කරන්නේ. රජය කොරෝනා සම්බන්ධ ජනාධිපති කාර්ය සාදක බලකාය කියලා හමුදාවට බාර දීලා කැබිනට් මණ්ඩලය වගකීමෙන් මගඇරලා ඉන්නවා. අද කොරොනා තත්ත්වය ඉන්දියාවට වඩා භයානක තත්ත්වයක තිබෙන බව වෛද්‍යවරුන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිගන්නවා.

මෙම වගකීම  රජය භාරගත යුතුයි. මේ රජයේ වගකිවයුතු කවුරුත් වගකීම බාර ගන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ කණ්ඩායමකට එය බාර දීලා සියලු දෙනා අත පිය දාගෙන ඉන්නවා.  ජන ජීවිතය විශාල අනතුරකට ලක්වෙලා. රජය මේ අවස්ථාවේ සියල්ලගේම සහයෝගය ගෙන කටයුතු කර යුතුයි. අද මේ තත්ත්වයට මුහුණ දෙන්න රජයට  කිසිදු සැලසුමක් නැහැ.

අද මේ වනවිට කොළඹ තිබෙන ප්‍රධාන වටිනා ඉඩම් සෙලන්දිවා කියලා සමාගමක් හරහා විකුණන වැඩපිළිවෙළක් තිබෙනවා. රටේ දේශීයත්වය ගැන කතා කරලා ආපු ආණ්ඩුව අද අපේ රටේ වැදගත්ම භූමි විකුණමින් යනවා. අද රටේ  ආර්ථිකය ඍණ තත්ත්වයක් තිබෙන්නේ. ඒ සදහා දේපල විකුණලා තමන්ගේ ගොඩ වැඩි කරගැනීම නතර කර යුතුයි. මේ තත්ත්වය තුල රටේ විශාල ප්‍රශ්න ගනනාවක් ඇතිවෙලා තියෙනවා.


 

 



අදහස් (0)

‘ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 907 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 999 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site