(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී හෙට පස්වරු 2.00ට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ලංකාදිපයට පැවැසීය.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරුන් අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හැර පක්ෂ නායකයින් සහ සියලුම කැබිනට් අමාත්‍යවරුන් එක්ව සිටි බවත් ඔහු සඳහන් කළේය.
මෙම රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පැවසූ මනෝ ගනේෂන් මහතා ආණ්ඩුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.
එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවාද, මහ මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය දෙනවාද ආදි කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
දැන් ඇති නේද? යන්න.. දැන් සැපයි
දැන් ඉතින් රට සංවර්ධනේ කියලා කරනකොට නගින ජීවන බරට කරගහන්න පසුගිය ආණ්ඩුවෙන් පඩිවැඩි කරපු රුපියල් 10000ක් පරිස්සම් කරලා තියාගන්න. බඩු ගණන් ගියාට ගෑස් 2000 පැන්නාට ගණන් ගන්න එපා.
කලබල නොවන්න. දකුණේ ඡන්ද පදනම ගැන සිතන්න. උතුරේ ජය නියතයි. ඊළඟ ජනපතිවරණයේ ජය සහතිකයි..
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෝඩයන්ට නොවේ!!
දැන් ගියොත් හොඳයි නේද
ආණ්ඩුව දෙන්නේ නැත්තම් ජනාධිපතිතුමා ගැසට් කරලා හරි බඩු මිල 40% ක් වත් අඩු කරන්න මහත්තයෝ. බහු ජාතික සමාගම් වලට කඩේ ගිහින් බඩු මිල අඩු නොකරපු යහපාලනයට මාස 3 කින් එන මහ ඡන්දෙදි ජනතාව තවත් හොද පාඩමක් උගන්නයි .
නිමල්, බලාගෙන ඉන්න බඩු මිල අඩුකරනකං. යහපාලන රජය කොච්චර සහන දුන්නද මිනිස්සුන්ට? පඩි 20% වැඩිකල එකම රජය. ඒ වගේම බොහෝ බඩුවල මිලෙහි අඩුවීමක් තියෙනවා 2015 පෙර සංසන්දනය කරද්දි. 40%බඩු මිල අඩුකල රජයක් ලෝකෙ කොහෙවත් නැහැ.
මොකක් වුණත් කමක් නැහැ හරි තීරණයක් ගන්න.
මහ මැතිවරණයකට තිබෙන ලොකුම බාධකය බලය අතහැරීමත් වඩා නවක මන්ත්‍රිවරුන් රැසකට අහිමිවන විශ්‍රාම වැටුපයි .... දෙපාර්ශවයම ඒකට පසුපසට අදිනු නියතයි.
ගරු අගමැතිතුමනි ආණ්ඩුව නම් ගෝඨාභයට දෙන්න එපා, අපේ යහපාලන රජය දිගටම කරගෙන යන්න.
මේ මොහොතේ බොහෝ දෙනෙක් ජයග්‍රහණයේ හිමිකරුවෝ වෙනවා. එහෙත් කාලය සියල්ල තීරණය කරාවී. ලෝකේ කොයිම ආණ්ඩුවක් වත් බදු නොගෙන දුවන්න බැහැ. බඩු මිල පාලනය වෙන්නේ අයකරන බදු සහ වෙළඳ වාසිය අනුව. එහෙත් එජාප නායක තුමා නම් දැන් අයින් වෙන්නම ඕනේ.
ජන වරමට හිස නමා සතර වරම් දෙවි නාමෙන් යන්න.
සමහර කට්ටිය හිටියා වෙන රටවල ඉඳගෙන ගෝඨාගේ පරාජය ගැන හීන දැක්ක උන්නැහේලා දැන් ඇනුණාම ඊළඟපාර ජයක් ගැන හීන දකිනවා.. කමක් නැහැ සිහින දැකීම කාටත් තියන ශුද්ධ අයිතියක්. සජිත්ව පරාද කරේ වටේ හිටිය පොරවල්... මුලින්ම ඒ අය කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා.. ඊට පස්සේ සම්බන්ධන්ලා ලවා කියෙව්ව්ව පුළුවන් නම් උතුරේ ඡන්ද නැතුව දිනලා පෙන්නන්න කියලා. අනික තමයි ගෝඨා ගැන මේ උන්නැහේලාට කියන්න තිබුණේ සුදු වාහන කතාවයි.. සිටිෂන් ෂිප් එක ගැන විතරයි. මිනිස්සුන්ට එක අහල එපා වුණා. මේ දෙකම පට්ටපල් බොරු කියලා තේරුම් ගන්න රාජිතලා වගේ අය අන්තිම දවස්වල රඟදක්වපු නාටකත් ඉවහල් වුණා. අපූරුම වැඩේ සජිත්ව ප්‍රමෝට් කරපු බණ්ඩාරගම උන්නැහේත්, මාතර හාදයත්, ඒ විතරක් නෙමෙයි... සජිතුත් ආසනෙත් පරාදයි...! මොනවා වුණත් ඩොලර් වලට කහින, කොටින්ට කඩේයන එන්.ජී.ඕ. අයට (මෙරට සහ පිටරට) දැන් ඉතින් වෙන අතක් බලාගන්න එක ශරීර සෞඛ්‍යයට ගුණවෙන්න පුළුවන්..!
ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සියලුම දේ සිදුකළවිට දිනපු අයටත්, අනෙක් අයටත් යහපතක් ඉටුවේවි... ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිතන්න, වැඩකරන්න, ලියන්න බලන්න. හැම මිනිසෙකුටම සතුටෙන් ඉන්න පරිසරයක් හදන්න ඕනෑ.
දිනපු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලඟින් තියාගන්න. ඒවා ක්‍රියාත්මක කළොත් රටට හොඳක් වෙයි. ඊයේ මැතිවරණ කොමසාරිස්තුමා කිව්වෙත් එයම නේද?
දැන් ඊළඟට, පාර්ලිමේන්තු ඡන්දෙන් තුනෙන් දෙකත් දීලා පළාත් සභාත් දීලා කට ඇරගෙන බලාගෙන ඉන්න.. පාර අද්දරටවෙලා බස්එක එනකම්.. ඒ අය වෙඩිනොවදින වාහනවල පාරේ වැරැදි පැත්තේ යනකොට...
වඩාත් සුදුසු දෙය වන්නේ රජයක් පිහිටුවන්න නව ජනපතිවරයාට ඉඩදී විපක්ෂෙට යෑමය. ප්‍රාදේශීය සභාඡෙන්දේදි සහ ජනාධිපතිවරණය හරහාද දෙවරක් රජය ප්‍රතික්ශේප වී තිබේ. ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට පෙබරවාරි හෝ අගෝස්තු වෙන තුරු රජය ගෙනියන්න සහයෝගය දෙන්න. ඒවගේම රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී දේශපාලනයෙන්ද සමුගත යුතුය. රටට වැඩකුත් නැත පක්ෂයට වැඩකුත් නැත. සජිත් හෝ අලුත් නායකයෙක් සමග කටයුතු කරන්න පක්ෂයට ඉඩ දිය යුතුය.
අපි බලන ඉන්නේ 1. මහා බැංකු හොරු හිරේට යවනකම් 2. බදු මිල අඩු කරනකම් 3. USA ගිවිසුම අහෝසිකරනකම් 4. රුපියලේ අගය වැඩි වෙනකම් බලන්න දැන් මොකද වෙන්නේ කියලා...
කවුරු ජනාධිපති වුනත් අගමැති රනිල්. මේ ආණ්ඩුවට දුන් ජනවරම තවම ඉවර වෙලා නෑ. ඒ නිසා ජනවරම ඉවර වෙන තෙක් ඉන්න එක තමා සුදුසු. බහුතරය ආණ්ඩුවට තියනවා, වෙල්ගම ඇතුළු කීප දෙනෙකුත් ඉන්නවනේ එජාප පැත්තට.
අයෙත් අවුරුදු 15ක් වත් යුඑන්පි එකට එන්න බැහැ.
ඔය යහපාලන ආණ්ඩුව ගත්තේ බොරු කියලා, මිනිස්සු ගොනාට අන්දලා, රත්තරන් අශ්වයින් ගැන කියලා, අර සෝභිත හාමුදුරුවෝ රවට්ටලා. යූ.එන්.පී. කෙනෙකුට දිනන්න බැරි නිසා මෛත්‍රීපාල වගේ පාවාදෙන්නෙක් හොයාගෙන මිනිස්සුන්ව ඇන්දුවේ. ඇවිල්ලා සාලාවේ අවි ගබඩාව පිපිරෙව්වා. මරු යහපාලනේ.... දැන්වත් ගෙදර යන්න.