(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යෑම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
එන්නත්කරණය රජයක යුතුකමක් බවද හෙතෙම සඳහන් කළේය.
රාසමානික්කම් මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව පිළිබඳ විවාදයේදීය.
මේ අතර රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවෙසේ මෙහෙකාර තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද උද්ඝෝෂණ පවත්වන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් බවත් වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වතුකරයේ දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට රජය මැදිහත් නොවිය යුතු බවද ඔහු පැවසුවේය.
තමා මේ කෑගසන්නේ ආණ්ඩුව පෙරළීමට නොවන බව පැවසූ හෙතෙම සියලු දේ කරන්නේ ආණ්ඩුව හරි මගට ගැනීමට යැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මහත්තයෝ, මමත් ජපන් රජයට පින්සිද්ධ වෙන්න ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව විද ගත්තා. සමස්තයක් ලෙස රට තුලම පවතින අපිළිවෙල හැරෙන්න, වත්මන් රජයත් සතුටුදායක මට්ටමින් එන්නත්කරණය රට පුරාම සිදු කරනවා. සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයට මොලේ ඇති රාජ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරුන් ලංකාවේ සිටියා නම් මීට වඩා රජයට වැඩි සහයක් ලබා ගන්න තිබුනා. නමුත් හමුදාව යොදාගෙන සිදුකරන එන්නත්කරණය පිළිබද අපි සතුටු විය යුතුයි. බැරි වෙලාවත් එය එසේ නොවුනා නම්, එන්නත්කරණයත් දොස්තර මාෆියා කල්ලිය අතට පත් විය හැකිව තිබුනා. ඒ වගේම පෞද්ගලික රෝහල් වල මුදලට විකිණෙන වෙළඳ භාණ්ඩයක් වීමට ඉඩ තිබුනා. මේ ගත් ක්‍රියාමාර්ගය ගැන ජනාධිපති තුමාට අපගේ ගෞරවනීය ප්‍රශංසාව පුදකළ යුතුයි
අද ඉන්දියාවේ එන්නත්කරණය සම්පූර්ණයෙන් මාෆියාවක් වෙලා.. අද එහෙ නිකන් දෙන්නේ නෑ එක එන්නතක් වත්... ඒ අතින් මෙහෙ හොඳයි.
හරි දේට හරි කියන්න. වැරැදි දේට වැරැදියි කියන්න. හැම දෙයක්ම පාට කණ්ණාඩියෙන් බලන්න එපා.