(නිමල කොඩිතුවක්කු)
රැකියා ලබා දෙන බවට පවසමින් උපාධිධාරීන් රැවටීමට ආණ්ඩුව ගත් උත්සාහයට එරෙහිව සියලුම උපාධිධාරීන් ආණ්ඩුවට එරෙහිව පෙලගස්වන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවැසීය.
මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ආණ්ඩුව උපාධිධාරීන් යොදාගැනීම උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තරයේ හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දන සූරියආරච්චි මහතා මෙසේද කීය.
“මේ ආණ්ඩුව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට ජනාධිපතිවරණයේදී පොරොන්දුවක් ලබාදුන්නා. ආණ්ඩුව යළිත් මහමැතිවරණයේදී උපාධිධාරින් රැවටීමට උත්සාහ ගනිමින් සිටිනවා. ආණ්ඩුවේ මෙම උත්සාහය උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තරයේ හෙළා දකිනවා.
සද්භාවයෙන් මේ රැකියා ලබාදුන්නනම් මාර්තු වෙනකම් ඉන්නේ නැතුව එයට පෙර මේ ගැන පියවරක් ගැනීමට ආණ්ඩුවට අවස්ථාව තිබුණා. දැන් ආණ්ඩුව විසුරුවනවිට උපාධිධාරීන් පිරිසකට පමණක් රැකියා ලබාදීමට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.
මැතිවරණ නීතිමය තත්ත්වයන් යටතේ මෙම පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා. මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව පූර්ව අවබෝධයක් සහිතව ආණ්ඩුව හිතාමතා කටයුතු කරමින් රැකියා විරහිත උපාධිධාරීන් රැවටීමට කටයුතු කර තිබෙනවා.
70,000 ක අයදුම්කරුවන් අතරින් 56,000ක් උපාධිධාරීන් මේ රැකියා ලබාදීමට සුදුසුකම් ලබා දී ඇති බව ආණ්ඩුව පැවසුවා. ඉන් 45,588කට රැකියා ලබාදෙන බවට ආණ්ඩුව පැවසුවා. මේ රැකියා ලබාදෙන ආකාරය ආණ්ඩුව පැහැදිලි කර නැහැ. අප්‍රේල් 25 න් පසු කොයි ආණ්ඩුව පත්වුනත් මේ 56,000 ටම රැකියා හිමිවිය යුතුයි” යැයිද ඔහු එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිධාරීන් වීමට යයි කියා විශ්ව විද්‍යාලවලට ගොස් බදු ගෙවන අපව මෙන්ම තම දෙමවුපියන්ද රවටන්නේ යම් සේද, ආණ්ඩුවද ඒ දේම කරන්නට හදන්නෙත් එසේමයි.
වැඩකරන අපේ විරුවා...
මේවා වලංගු පත්වීම්. අවලංගු කිරීම ගැන මැකෝ වගකිව යුතුයි!
රටට වැඩක් නැති රස්සාවල් උත්පාදනය වෙනුවට රැකියා හිගාකන ලංකාවේ උපාධිධාරීන්.
චන්දන සුරියආරච්චි කියන්නේ ජවිපෙ බළල් අතක් කියලා කවුද නොදන්නේ.
ආණ්ඩුව පත් උනාට පස්සේ කරපු වැඩකට ඇති එකම වැඩේද කොහෙද.
මම ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ කතාවක් රුපවාහිනියේ දැක්කා. එතුමා කියනවා "මම අවුරුදු 24 ක ඒත් උපාධිධාරී තරුනයෙක්ගෙන් විමසුවා ඇයි ඔබ පෞද්ගලික අංශයේ රැකියාවකට ඉල්ලුම් කරේ නැද්ද කියලා. ඔහු කියනවා මම මේ රජයේ රැකියාවක් ලැබෙන තුරු බලාසිටිනවා කියලා. මම නැවත විමසා සිටියා ඇයි ඔබ රජයේ රැකියාවකටම උත්සහ දරන්නේ, ඔබේ දැනුම පාවිච්චි කරලා ඔබට යම් ස්වයං ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන් නේද කියලා, එවිට ඔහු කියනවා මම රජයේම රැකියාවක් සදහා උත්සහ කරන්නේ අවුරුදු 60 පසු විශ්‍රාම වැටුප ලැබීමේ බලාපොරොත්තුවෙන් කියලා. තමන්ගේ ජව සම්පන්න තරුණ කාලයේ කිසිදු රටට ප්‍රයෝජනවත් වැඩක් නොකර වයසට ගොස් විශ්‍රාම වැටුප බලාපොරොත්තුවන මේ තරුණ පරම්පරාව ගැන මම පුදුම උණා" අන්න ඒ පරපුරේ කෙනෙක් තමයි මේ චන්දන සූරියආරච්චි කියන්නෙත්. රජය දැන් තෝරාගත් උපාධිධාරීන් 50,000 රැකියා දුන්නේ. මේ හොදටම ඇති. මේ කට්ටියව පෞද්ගලික අංශයට යොමුකරලා රැකියා ලබාගන්න සලස්වන්න ඕන.
මෙච්චර පිං අධ්‍යාපනෙන් ඉගෙනගෙන මේ අය රු 20,000 මාසේ පඩියට කෙල හල හල ඉන්නේ එකේ පුළුවන්නේ පොඩි බිස්නස් එකක් කරන්න. බලන්න අනෙකුත් මුස්ලිම්, දෙමල ජාතින්, ඒ මිනිස්සු ඉගෙන්ගත්තට පස්සේ රැකියා ඉල්ලා ඉල්ලා පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ නැහැ. යම් ව්‍යාපාරයක් කරලා දියුණු වෙනවා. මම නම් කියන්නේ මේ කාටවත් රජයේ රැකියා දෙන්න එපා. රජයේ ඇබර්තු තියනවනම් ගැසට් කරන්න. අවශ්‍ය සුදුසුම පුද්ගලයා හෝ දෙන්නා තෝරාගන්න, එච්චරයි.
පෙළපාලි යන්න!!! මොනවා හරි පුද්ගලික ආයතනයක හෝ රැකියාවකට නොගන්න අයට රැකියා දෙන්නේ මොකටද මහජන බදු මුදල් විනාශ කරගෙන. සියලුම උපාධිධාරීන්ට පින් පඩි ගෙවන්න මහජන බදු මුදල් නාස්ති කරන්න ජනවරමක් කොයි කාටවත් නැහැ.
රටේ දෙන්න පුළුවන් ප්‍රමානයට සුදුස්සන්ට රැකියා දුන්නා. ඔබලා අතර රැකියාවක් කරන්න තරම් සුදුසු තරමේ උපාධියක් ඇති අය කොපමණද? උපාධියක් තිබෙනවානම් තේරුම් ගන්න මෙරටේ සුදුසුකම් නැති රැකියා කොහෙන් දෙන්නද කියලා.
සියළු දේශපාලන පක්ෂ එකතු වෙලා මැතිවරණ කොමසාරිස් තුමාට කියන්න අපි කවුරුත් මේ පත්වීම් වලට අකමැති නෑ කියලා. එතකොට ප්‍රශ්නය ඉවරයි. රජයටත් එතකොට නොදී ඉන්න බෑ. අනිවාර්යෙන්ම පත්වීම් දෙන්න වෙනවා. ජේ වී පී එකේ චන්දන සූරියආරච්චි මහත්තයාටත් හොඳයි.
නොමිලෙම උගන්වලා නොමිලේම රස්සාත් හොයලා දෙන එකම රට ලංකාව වෙන්න ඇති. රජයේ රැකියාව ගත්තට පස්සේ එකටත් බැන බැන ඉන්නේ මේ සොච්චන් පඩිය ඇතිද ජීවත් වෙන්න කිය කිය. ඉට පස්සේ පගා ඉල්ල ඉල්ල හිගා කනවා. මේ සේරම විගඩන් අපේ සිංහලයෝ විතරයි කරන්නේ. ඇයි ඉතින් සමහර දේශපාලුවෝ ඉන්නවනේ හිගමනටම පුරුදු කරන් බලා ගෙන මම සේරම නිකන් දෙනවා ගගා. පහුගිය කාලේ මුක වාඩනුත් නිකන් දෙන්න කියුවේ
උපාධිධාරින්ව රැවැට්ටුවා නම් උපාධි නැති, උගත්කමක් නැති, බුද්ධි මට්ටම් ඉහළ නැති රටේ වැඩිදෙනා කොහොමට රැවටෙනවා ඇත්ද?
අනේ අපිට නම් උපාධි නැහැ. ඒත් අපි නම් දැනගත්තා මේ ආණ්ඩුව කොහොමත් මිනිස්සුන්ව රවට්ටනවා කියලා. උපාධියක් තිබිලත් ඒක නොදැනගෙන හිටිය එක තමයි පුදුමේ...
මම උපාධිය ගත්තේ රැකියාවක් කරන ගමන් මගේ සල්ලි වියදම් කරලා... අද මම ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. මේ ඉන්න උපාධිධාරීන් කියන අයට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැහැ... පරිගණක දැනුමක් නැහැ. අඩුම තරමේ රැකියාවක් කරන්න ඕන කිසිම දැනුමක් නැහැ. පුද්ගලික අංශයේ ඕනෑතරම් රැකියා තියෙද්දී මොකටද ආණ්ඩුවේ රස්සා විතරක් හොයන්නේ.. හේතුව වැඩක් නොකර පඩි ගන්න. විශ්‍රාම වැටුප ගන්න...
උපාධි පත්වීම් ඉල්ලුම් කරන්න තිබුණු ඉල්ලුම් පත්‍රයේ තිබුණා රැකියාවක් කරනවද? නැද්ද? කියලා පුරවන්න තැනක්... එතැන හැමෝම පුරවන්න ඇත්තේ රැකියාවක් නෑ කියලා. ඒත් මේ ගොඩක් උපාධිධාරීන් පුද්ගලික අංශයේ රස්සා මේ වෙද්දීත් කරනවා... පනස්දාහකට වඩා වැඩි වැටුප් පවා ලබන රස්සා සමහරු කරන්නේ... ඉතින් අර්ථසාධක, සේවා නියුක්තිකයින්ගේ බාරකාර අරමුදල පරීක්ෂා කළාම රස්සා කරන බව ඔප්පු වෙනවා. රජයට බොරු තොරතුරු දුන්නා නම් රස්සාව දීලා තිබුණත් බොරුව මාට්ටු වුණුදාට රස්සාව අහිමි වෙනවා. රස්සාව දෙන්නත් කලින්ම බොරු තොරතුරු දුන් අයට රස්සාවල් දෙයිද?
වහලුන්ට ඕවා තේරෙන්නේ නෑ....
ඉගෙනගැනීම ඉතාමත්ම හොඳයි. උපාධිය කියන්නෙත් ඉගෙන ගෙන තියන තරම මනින කෝදුවක් විතරයි. ඒත් ඒ උපාධිය තියන කීයෙන් කි දෙනාද අද දන්නේ කැත්ත උදැල්ල අල්ලන්න. ඔතනයි තියන ප්‍රශ්නය. සති අග ජාතික පුවත් පත් අරගෙන බලන්න තියන රැකියා ප්‍රමාණය. ඒ අනුව එම පුරප්පාඩු පුරවන්න පිටරටින් සෙනග ගෙන්වන්න වෙනවා. රජය තීරණයක් ගත යුතුයි, මින් පසු රජයේ රැකියා දියයුත්තේ මොනයම් හෝ රැකියාවක් කල අයෙක් බවට සහතිකයක් දිය හැකි අයෙකුට පමණක් බව.
රැකියා අයදුම්පතක් හරියට පුරවාගන්න බැරි උපාධි ගනිපු අය තමයි ලංකාවේ ඉන්නේ.. එ් ගැන අපි කණගාටු වෙන්න ඕනෑ.
උපාධිධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි. උපාධිධාරීන්ට රැකියා නැත්තේ ඔවුන්ගේ වරදක් නිසා නොව අධ්‍යාපන සැලසුම්කරණයේ වරදකි.
මහජනතාවගේ මුදලින් උගන්නලා, ඉස්කෝලේ එන්න වස්තරය පවා දීලා, අඩු පාඩු තිබුණත් අසනීප උනහම රෝහල් වල නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර දීලා, නොමිලේ පොත් පත් දීලා සහන දායී මිලට දුම් රිය හා බස් රථ සඳහා ප්‍රවේශ පත්‍ර දීලා, නොමිලේ ක්‍රීඩා පහසුකම් සලස්වා උස්මහත් කරලා උගන්නලා, ඉවර උනහම. ඒකට හරියන්න දෙලොවටම වැඩක් නැති විෂයන් කටපාඩම් කරලා විශ්ව විද්‍යාල වලට රිංගලා එහිදීත් මොනවා හරි කටපාඩම් කරලා හිටි හැටියේ උද්ඝෝෂන කර මහජන දේපල වලට හාණිකරලා අවසානයේ රැකියා දියව් කියලා කෑගහන්න විතරයි පුළුවන්.
ජර්මනියේ නම් රාජ්‍ය සේවය, විදේශ සේවය වැනි දේවල් විශ්ව විද්‍යාලයේ හදාරලා උපාධියක් ගන්න පුළුවන්... ඔවුන් එම විෂයන් හදාරන කොට ඒවාට අදාල නීති රීති..., පරිගණක දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ලබාදෙනවා. උපාධියෙන් පස්සේ ඔවුන් රැකියාවට අයදුම් කළාම අදාල අංශවල තිබෙන පුරප්පාඩු අනුව ඔවුන්ට රැකියා ලැබෙනවා. ක්‍රමවත් රාජ්‍ය සේවයක් මෙහෙ තිබෙනවා. ලංකාවේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමය. අල්ලස, දූෂණය... ඒ වගේ අරක්ගෙන ඇත. කොපමණ නවීන තාක්ෂණය, පිරිස් බලයක් තිබුණත්, සතියක් දෙකක් තුළ, රියදුරු බලපත්‍රයක්, හැඳුනුම් පතක්, විදෙස් ගමන්බලපතක් මුද්‍රණය කර අදාල පුද්ගලයින්ට තැපැල් මගින් එවීමට මොවුන්ට නොහැකිව ඇත. පාරේ රස්සා ඉල්ලමින් රස්තියාදුවෙන වැඩි දෙනෙක් කලා උපාධි තිබෙන පුද්ගලයන්... මොවුන් බොහෝදෙනෙකුට ඉංග්‍රීසි බැරිය. එමනිසා පරිගණක දැනුම අල්පය, මොවුන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව රජයේ සේවයට දැම්මාම උපාදිය නිසා මොවුන්ට ලැබෙන්නේ කාර්යාලයේ ඉහළ තනතුරක්, ප්‍රායෝගික දැනුමක්, ඉංග්‍රීසි, පරිගණක දැනුමක් නොමැති කාර්යාල ප්‍රධානියෙකු මෙහෙයවන කාර්යාලයක් අසාර්ථක වන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...
Rohana, ඔය කියන අධ්‍යාපනය සැලසුම් කරන පුද්ගලයන් ලංකාවේ විශ්ව විද්‍යාල වලින් උපාධිය ලැබුවන් බව අමතක කරන්න එපා , ඔය කියන අන්තරේට අවශ්‍යනම් පුළුවන් සාමුහික සාකච්චා මාර්ගයෙන් පාලකයන් සමග එකතුවෙලා අනාගතයේදී ඉගෙන ගන්න එන සිසුන්ට , රටේ සහ ලෝකයේ රැකියා තිබෙන ඉල්ලුමට සරිලන විදිහට විෂය ධාරා නවීකරණය කරන්න නමුත් ඔවුන් එවැනි දේවල් වලට උනන්දුවක් දක්වන්නේ නැහැ.
උපාධියක් තියාගෙන රස්සා හිගාකන ජාතියක් දැක්කමයි. අපි ඔය මුකුත් නැතිව ලක්ෂයට වැඩිය හොයනවා. රජයේ සේවයට බුදු සරණයි . රජයේ වැඩක් කරගන්න ගියහම තියෙන පෝලිම මෙ කපෙදී ඉවරවෙන්නේ නැහැ. මේ අයට හිතලා වැඩකරන්න බැහැනේ.
ලංකාවේ ඉන්න උපාධිදාරින්ගේ දැනුම මට්ටම ඉතා ඉහළයි. ඔය කියන භාෂා දැනුම අඩුවෙන්න පාසල් පද්ධතියම වග කියන්න ඕනේ...