
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.
එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ අද (10 වැනිදා) දහවල් පවත්වා තිබේ.
ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ඔවුන් පවසා ඇත.
මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්‍රීවරුන් ලිපියකටද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට අද (10) පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, නියමයි, පොහොට්ටුවට කඩේ ගිය වහල්ලුන්ට අනිච්ඡාවත සංඛාරා...!!!
ඒ කියන්නේ ප්‍රශ්නය අර නාලිකා පෙන්නනවාට වඩා දරුණුයි එහෙනං
නුඹලාගේ නරි නාටක.... තවත් බොරු නොකර ඉල්ලා අස්වෙන්න.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම, යන්න භාවිතා කරමින් රටේ සම්පත් විකිණීම, කැලෑ පාළු/ වන විනාශ කිරීම, .. වැනි ජනතා විරෝධී යෝජනා සඟවා සිටින පඹයින් පමණක් ද කැබිනට් මණ්ඩලයේ සිටිය යුත්තේ...?
ආණ්ඩුවේ ඉන්නම හොරු තමයි.
ඕවාට කියන්නේ නාට්‍ය කියලා. නියමෙට රඟපානවා. මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න අමතක කරන්න.
ඇයි ශාන්ත මෙහෙම වෙන්නේ? ගෝඨාභය එක්ක ඒ සෙල්ලම් බැහැ කිව්වා නේද?