IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග විවාදය හෙට-අනිද්දා

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) සහ අනිද්දා (11) විවාදයට ගැනීමට ඊයේ (8) රැස්වුණු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත. 

මේ අනුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අනිද්දා (11) පස්වරු 6.30 ට පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ තීරණය  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් අප සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව අතඋඩින් ජයග්‍රහණය කරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසුවේ විශ්වාසභංග යෝජනාවකට මෙතෙක් ලැබුණු වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන යෝජනාව ජයග්‍රහණය කරවීමට උපරිමයෙන් කැපවෙන බවයි.

අටවැනි පාර්ලිමේන්තුවේ ආසන හිමිවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95 ක්ද, දෙමළ ජාතික සන්ධානයට ආසන 16 ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 6 ක්ද, ඊළාම් ජනතා ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයට (ඊ.පී.ඩී.පී.) ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසනයක්ද වශයෙනි.

ආණ්ඩුවට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට ඉකුත් මැයි මස 21වැනිදා බාරදෙනු ලැබීය.

 



අදහස් (5)

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග විවාදය හෙට-අනිද්දා

max Tuesday, 09 July 2019 07:03 AM

යහපාලන ආණ්ඩුව රකින ජවිපෙ බොරුවට රටට පෙන්න කරන විගඩම් මේ.

:       3       14

HafeelTuesday, 09 July 2019 08:08 AM

එදා අගමැති රනිල්ට එරෙහිව ගෙනාපු විශ්වාස භංගයේදී යහපාලන ආණ්ඩුව රැක්කේ රාජපක්ෂලා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් මිස ජනතා විමුක්ති පෙරමුණ නොවේ. රාජපක්ෂලා මෙතන ඩබල් ග‍ේම් ගහන්නේ... ඇයි එදා බැරිවුනේ සභාවට ඇවිත් අගමැතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න..

:       9       4

සේන Tuesday, 09 July 2019 08:06 AM

මේක ජ.වි.පෙ. රනිල් ජෝක් කිව්වට කමක් නෑ. විජේවීර හිටියා නම් සියදිවි නසාගන්නවා.. මේ විගඩම් දැකලා...

:       1       4

Cisco Tuesday, 09 July 2019 09:02 AM

ආණ්ඩුව සහ ජවිපෙ අතර සටන මම බොරුවට ඔයාට ගහන්නම් ඔයා මට බොරුවට ගහන්න. පැට්‍රොල් ලාම්පුව නිවුනම දෙගොල්ලොම එකට ජොලියේ............

:       1       1

malaka gamage Tuesday, 09 July 2019 09:52 AM

දැන් මේ විගඩම් කරලා මෙයත් දැන් හරිම වයසයි. දැන් තියෙන්නේ රට දියුණු කරන පැත්තකට උදව් කරමින් රටේ දියුණුවට උදව් කරන්නයි. සිංහලයෝ බෙදිලා එ්ක කරන්න නැහැ. කරුණාකර අපේ පාඨලී ඇමතිතුමන් අනුගමනය කරන්න. නියම සිංහලයෝ නම් එහෙමයි කරන්න ඕනේ...

:       37       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site