(ප්‍රේමතිලක පෙරමුණ)
කවුරු කොහොම කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මීගහතැන්නේ දී පැවසීය.
රුපියල් ලක්ෂ 80ක වියදමින් ඉදිකරන ලද මීගහතැන්න නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
මානව හිමිකම් කොමිසන් සභාව කතා කරන්නේ ප්‍රභාකරන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් ගැන පමණයි මානව හිමිකම් කිව්වම කාටත් පොදුයි. යුද්ධය සමයේ අසූව දශකයේ අග භාගයේදී නැගෙනහිරදී පොලිස් නිලධාරීන් 750 ක් ඝාතනය වීම ඉතා කනගාටුදායක බරපතල, ඛේදජනක සිදුවීමක්.
ආණ්ඩුව ලබා දෙන නිවැරදි තොරතුරු මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල වැරදි තොරතුරු මත පදනම් වී මානව හිමිකම් කොමිසන් සභාව විසින් නිකුත් කර ඇති වාර්තාව වැරදියි. මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වනවා පසුගිය යුද සමයේ ත්‍රිවිද හමුදාව භාවිතා කළ ඉඩම් නිසි ලෙස ලබා දී නොමැති බවත් ඒ සඳහා ස්වාධීන කොමිසමක් පත් කළ යුතු බවත් ඒ වගේම විදෙස් විනිශ්චකාරවරුන්ගේ මැදිහත්වී වීමක් පසුගිය කාලයේ දිගින් දිගටම මේ අය ඉල්ලා සිටියා.
ඒත් මම කීප අවස්ථාවකම ප්‍රකාශ කර තිබෙනවා ඒ සඳහා ඉඩ ලබා දිය නොහැකි බව මේ රජයේ වැරදි තීන්දු තීරණ මත පසුගිය පෙබරවාරි 25 වෙනිදා මට හොරෙන් සාමූහික වගකීම් භාර ගැනීමේ ප්‍රතිපත්තියට ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ජනාධිපතිවරයාගේ අවසරය නැතිව ඒවා කරන්න බෑ. සංහිදියා කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස හඳුන්වන රජයේ නිලධාරියෙක් නොවන අයෙක් හදලා යවපු ලියවිල්ලක් නිසා පෙබරවාරි 25 එම ප්‍රතිපත්තියට අත්සන් කර තිබෙනවා.
මේ නිසා ජිනීවා යන නියෝජිතයින් පවා මම වෙනස් කලා.මේ සාමුහික වගකීමේ ප්‍රතිපත්තියට අත්සන් කිරීම ත්‍රිවිධ හමුදාව හා රට පාවාදීමක්. මේවා ගැන මට එලිපිට කියන්න තිබුණත් මම ගියේ පාසැල් හා පන්සල්වල උත්සවවලට පමණක් නිසා මට ඒවා කියන්න බැරිවුණා. අද ඒ අවස්ථාව ලැබුණු නිසා මම ඒවා විවෘතව කියනවා.
ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1948 දක්වා විදේශිකයින්ට යටත්ව සිටි විදියට වක්‍රාකාරව අදත් අපව පාලනය කරන්න උත්සාහ ගන්නවා..1918 විමුක්ති අරගලයේදී දිවි පිදූ අය විදේශිකයින් විසින් ලිපි ලේඛනවලින් හඳුන්වා තිබෙන්නේ කැරලුකරුවන් ලෙස වුණත් ඔවුන් මේ රටේ වීරයෝ සහ දේශප්‍රේමියෝයි. ආර්ථික වශයෙන් බෙදා හදාගැනීම් කළ යුතුයි නමුත් රටක් වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය අපට තිබිය යුතුයි යැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.




COMMENTS
"මේ රජයේ වැරදි තීන්දු තීරණ මත පසුගිය පෙබරවාරි 25 වෙනිදා මට හොරෙන් සාමූහික වගකීම් භාර ගැනීමේ ප්‍රතිපත්තියට ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කර තිබෙනවා." මෙහි අර්ථය කුමක්ද? අප අවංකව කණගාටු වෙනවා අපේම රට මුල් පුරවැසියාට මෙසේ අපගේ අදහස් ප්‍රකාශ කිරීමට සිදුවීම පිළිබඳව... එනමුත් අප එසේ කිව යුතුමය. තානාපති කෙනෙක් යනු රටක් නියෝජනය කරන ප්‍රධානතම නිලධාරියාය. ඔහු හෝ ඇයව පත් කලේ මමද අපිද? එම නිලධාරියා කටයුතු කල යුත්තේ "එක එක හරකාගේ " පුද්ගලික අදහස්වලටද නැත්නම් බලයේ සිටින රජයට පක්ෂපාතිවද? මෙම නිලධාරියා යයි කියන කෙනා අපගේ මාතෘභූමිය අමුඅමුවේ පාවාදී තිබෙනවා නොවේද? එවන් "කාලකන්නියෙකු " අහිංසක මහජනතාවගේ මුදල්වලින් සියලුම සැප විඳීමට එම තනතුරේ තවදුරටත් තබමින් නැත්නම් වහාම කැඳවා නීතිමගින් කටයුතු කර මහ උළුගෙදරට යවනවාද යන්න "මුන්නැහේ" විසින් හැකි ඉක්මනින් කල යුතුය. නැවත වරක් අප ප්‍රකාශ කරන්නේ මේ රට පාවාදී ඇති බවයි.
අගමැති පත්කරන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කළාට කමක් නැද්ද මහත්තයෝ...?
සංහිඳියා කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් රජයේ සේවකයෙක් නෙවෙයි නම් ඔහු එහි රාජකාරිය කලේ පිනටද? ජනතා මුදල්වලින් යැපෙන එවැනි ජාතිද්‍රෝහීන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද? ජනවාරි 8 වෙනිදායින් පසු ජනාධිපති ධුරයත් හෑල්ලු වූ බවයි මට හැඟීයන්නේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම පිළිබඳව ඔබතුමාට තිබෙන්නේ, එසේ මෙසේ නොව ලෝපතළ ප්‍රසිද්ධියක්... ඔක්තෝබර් 26 කිව්වහම ඕනෑම කෙනකුගේ සිහියට නැගෙන්නේ ඔබතුමා මෑත කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නට ගිහිල්ල අමාරුවේ වැටුණු විදිහයි. ග්‍රාමීය වහරින් කියනවා නම් ඇණගත්ත විදිහයි. එ් නිසා ඔබතුමා නැවත වරක් ඒ වගේ වරදක් නොකරනු ඇති බව නම් විශ්වාස කරන්නට පුළුවන්...
මෙයා දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
නැතුව ඉතින්.. සුප්‍රසිද්ධ 26 දා නාගත්තේ නියමෙට.
අසරණ මහජනතාව ඉදිරියේ බයිලා ගහනවා......