



නිමල කොඩිතුවක්කු
කලාශූරි ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ 97 වැනි උපන්දිනය නිමිත්තෙන් ඒ මහතා විසින් පරිවර්තනය කළ ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් 'විමුක්ති ප‍්‍රකාශ' ග‍්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේදී පැවැත්විණි.
ඇමෙරිකානු ව්‍යවස්ථා සම්පාදනයේ විවිධ අවස්ථාවල ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ දෙසුම් ඇතුළත් මෙම පරිවර්තන ග‍්‍රන්ථය සරසවි පොත් ප‍්‍රකාශනයකි.
මෙම අවස්ථාව සඳහා සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී ආරියරත්න, මහාචාර්ය සුනිල් ආරියරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා හා සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සිවිල් සේවා නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් වික‍්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ ඩී. රංජිත් කුමාර, සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති එච්. ඩී. පේ‍්‍රමසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.
(ඡායාරූප ගයාන් ලසන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුද්ගලයින් රටේ සම්පත්. තව බොහෝකලක් ජීවත්වීමට ආයුෂ ලැබේවා
ඔබතුමා සක්විතිගෙන් පඩි ගත්තට ලැජ්ජාවක් නැත්ද? මිනිස්සු ඔබ විශ්වාස කරලා සක්විතිට සල්ලි දුන්නු බව දන්නවද?