IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවත්වයි

(හසිත රංග ගුණතිලක)
 
මෙරට ගොවීන් සතු සමස්ත බඩඉරිඟු අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවතා දැමූ බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
 

මේ වනවිට දේශීය බඩඉරිඟු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කීය.
 
ඉදිරියේදී වෙළඳපොළ තුළ බඩඉරිඟු අස්වැන්න කුමන ආකාරයකට අඩුවේ දැයි නිශ්චිතව කිවනොහැකි යැයි කී අමාත්‍යවරයා සේනා දළඹු මර්දනය පාලනය කළ නිසා බඩඉරිඟු අස්වැන්න හිතූ තරම් විනාශ වී නැතැයි ද පැවසීය.
 
සේනා දළඹු උවදුරට හසු වූ බඩඉරිඟු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හානියක් නොමැති බවට කෘෂි විශේෂඥයින් තහවුරු කර ඇති බවද විදෙස් රටවලින් බඩඉරිඟු ආනයනය කිරීමට කොහෙත්ම වුවමනාවක් නොමැති බවද පී. හැරිසන් මහතා කීය.
 
රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද(01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පී. හැරිසන් මහතා මේ බව කීවේය.



අදහස් (10)

අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවත්වයි

ayun Friday, 01 February 2019 01:31 PM

අපනයනය නවත්වන්න අවශ්‍ය නැත. මොලයක් තියෙන එක රටක්වත් විෂබීජ තමන්ගේ රටවලට සල්ලි දීලා ගන්නේ නැත. අපේ රටේ දේශපාලකයින් තමයි ඕන කුණු ගොඩක් සල්ලිදීල‍ා ගන්නේ කොමිස් ලැබෙනවා නම්...

:       3       120

RaveendraFriday, 01 February 2019 02:25 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අතයටින් ගාන ලැබෙනවා නම් අසුචි වුනත් ආනයනය කරන අය ඉන්න රටක්නේ මේ... අර ප්‍රසිද්ධ කියමනක් තියෙනවා දේශපාලුවා යනු නහය නැත්නම් අසුචි වුණත් අනුභව කාරණා නිවටයන් කියලා. එය ඉතාම නිවැරදියි. " පුදුමයි ටර්නින් පුතා " ගාන කතා කලේ නැති එක.

:       0       120

Sanath KandySaturday, 02 February 2019 10:33 AM

අපනයනය නෙවෙයි ආනයනයයි නවත්වලයි තියෙන්නේ.

:       0       57

Sumiith Saturday, 02 February 2019 12:39 AM

ඔක්කෝම රටින් ගේනවා. ලංකාවේ වගාවෙන් ගොවියන් ඈත්වෙලා.

:       5       51

Sumith Saturday, 02 February 2019 02:48 AM

එළවළු දැන් අලෙවි කරගන්න බැරිව ගොවියෝ අසරණවෙලා. ඇමැතිවරු හදන්න ආණ්ඩු හදන්න තමයි උත්සාහය. ගොවීන්ට විසඳුමක් නැහැ.

:       0       53

Ruwan Saturday, 02 February 2019 02:51 AM

ගොවියට... ලංකාවේ රජයේ දෙන සහන දන්නවද? මාසයක් කන්න දෙන ගොවි විශ්‍රාම වැටුප රුපියල් 1200යි.

:       0       13

Nuwan Saturday, 02 February 2019 07:09 AM

බොරුවට අවුරුද්දකට සැරයක් රාජ්‍ය වප් මගුල කියලා කෝටි ගණනක් වියදම් කරලා උත්සව තියනවා. ඒත් ගොවීන්ට කරන මගුලක් නැහැ.

:       0       30

Gamini Saturday, 02 February 2019 06:05 PM

අනාගතයේදී ගොවි දූ පුතුන් බිහි නොවනු ඇත

:       0       0

සුගත් චමින්ද Sunday, 03 February 2019 01:37 AM

බඩ ඉරිඟු වගාව විනාශ කරේ අපේ දේශපාලකයින් මිසක් වෙන රටක දේශපාලකයන් නෙවෙයි..

:       0       0

Seuwandi Sunday, 03 February 2019 08:19 AM

අපේ ගොවි පරපුර රැකගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමට පාලකයන්ගේ ඇස් ඇරේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site