මැකියාවේලියානු දෘෂ්ටියකින් දේශපාලනය දෙස බලන විට අසීමිත බලහරණය අනුවණකමක් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පැවැසීය.
තමන් ජනාධිපති ධුරයට පත්වූ වසරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ධුරයට හිමි වී තිබූ සුවිශේෂී බලතල අත්හැරි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
‘‘ආසියාවේ අපට පොදු ප්රජාතන්ත්රවාදී අගයන්’’ පිළිබඳව සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේයග ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය කළ ආරාධයනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේ ප්රමුඛ දේශනය කළේය.
සිය දීර්ඝ දේශපාලන දිවියේදී බුද්ධාගමටත් ප්රජාතන්ත්රවාදයටත් පොදු අගය වූ සාමය,සමානාත්මතාව, ප්‍රකාශන නිදහස, යුක්තිය ආදිය දිනාගැනීමට සමත් වූයේ යැයි ද හෙතෙම කීයග උපරිමාධිකරණවලටල මානව අයිතිවාසිකම්, රාජ්‍ය සේවාල මැතිවරණල පොලිස් ආදී කොමිසම්වලට පත්වීම් නිර්දේශපාලනීයව කළ බව ද ඔහු එහිදි කීවේය.
055
COMMENTS
දැන්ද තේරෙන්නේ? දැන් සැපද?
2015 අසීමිත බලහරණය පරදවලා 2019 ආයි ඒකම කළේ 2026දී වත් බලමු....
ගැමි විහිලුකාරීකම මෙන්ම කොළඹ හතෙත් නැති ප්රජාතන්ත්රීය අගයන් ඉහලින්ම ගොඩනැගූ නායකයෙක් ලෙස ඉතිහාසයට එක් වේවි.
සහතික ඇත්ත. ඒ වගේම පතෝල, වැටකොළු න්‍යායත් හරියන්නේ නැහැ...
මෙ යෝධයාට කතා දෙන අයට වගේම මෙ තක්කඩියගේ කතා අහන්න වුණත් පොල්පිත්තෙන් තලන්න ඔනෑ...
රටෙ ආරක්ෂක ඇමැතිකම තමන් යටතට පවරාගෙන ඒක හරිහැටි ඉටු නොකිරීම නිසා රටෙ සමූල ඝාතනයක් සහ විශාල ආර්ථික විනාශයක් වුණා. දැන් එනවා අනුන්ට දේශනා කරන්න. පසුව ඔය දේශනාවෙ කියපු කරුණු ගැන කවුරුන් හරි ප්‍රශ්න කළොත් කියාවි නිලධාරින් ලියලා දුන්නා ... මම කියෙව්වා.. ඒකෙ වගකීම මට බාරගන්න බැහැ.... කියලා මෙයා හරි නම් ඉන්න ඔනේ හිරෙ... නැතිනම් පිස්සන් කොටුවෙ...
ඒකද 20 ට පැනලා පක්ශෙ අය ඡන්ද දුන්නෙ?
අප ඔබට කැමතිද, නැද්ද යන්න කුමක් වුවද, ඔබ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කළ සේවය තේරුම් ගැනීමට ජනතාවට ලොකු කාලයක් ගතවනු ඇත.
2015 දී කියූ දෙය ඔබ කළාද? එතකොට 2018දී
මෙතුමා මොනවද මේ කයන්නේ? කියපු වැඩ ඔබතුමා කලේ නැහැනේ... පේනවද ගෝඨාභය ජනාධිපතිතුමා ආපු දවසේ ඉදල දුන්නු පොරොන්දු ඉටු කරනවා, ජනතාව හමුවෙනවා, ප්‍රශ්න විසදනවා. ගමෙන් ගමට යනවා....
එතකොට 20ට අත් උස්සපු පක්ෂයේ අය කුඩු බීලද හිටියේ?
මෝඩ රැළ... පිස්සු දොඩවනවා. ඔයා හරියට හිටියා නම් පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබ්බා.
අනුවණකමක් වෙන්න නුවණක් තියෙන්ට එපායෑ...
මෙ කොරෝනා නිසා ඉවසන්නේ තව අවුරුද්දකින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලා කරන දේ බලාගන්න පුළුවන් සර්...
කල් නොයවා දැන්මම තීන්දුවක් ගන්න මොලේ කල්පනා කරලා...
මෙ පාර මෙයාව යවයි අඩි 06ක් පහළට....
මෙයාලා ඉල්ලන් කාලා ඉන්නේ... දැන් සැපද?
20ට අත උස්සලා ... මෙයාලට හොද වැඩෙ... දැන් සැපද?
අවුරුදු 5ක් විහිළු සපයලා විශ්‍රාම යනකොට.., කෝටි ගණනක ගෙයක්.., විශ්‍රාම වැටුපක්, යානවාහන ආරක්ෂකයන්, මියයන කම් ලැබෙන තරම් බලයක් හොඳටම ඇති.
තමන් ආවේ විධායක ජනාධිපතිකම නැති කරනවා කියලා. කෝ ඒක කළාද? දැන් මෙතන දොඩවනවා.
මෙයා මේ යන්නේ ඇමරිකාව ට්‍රම්ප් එලවන්න කරපු වැඩේ කරන්න. සජිත් පස්සේ ගිහින් අගමැතිකම ගන්න. අර ඔබාමා, හිලරි, කමලා හැරිස්ලා එහේ කරපු දේ මෙයාලා ඊළග ජනාධිපතිවරණ වෙලාවේ කරන්න පේලියට හැදෙන්නේ.. ඒකට වගකියන්න ඕන මහින්දගේ බල තණ්හාවයි. වටේ ඉන්න හාල්පාරුවෝ ටිකයි.. මෙ අය තමයි මේ මිනිහව කන්නේ... මේ පාර වෙන්නේත් ගියපාර ජනේලේ එල්ලුනා වගේ වැඩක් 2025ත්... පව් ගෝඨා...!!!
කුඩු කාරයින්ට මරණීය දණ්ඩනය නියම කරගන්න බැරි වුණාට මෙයා අසීමිත බලහරණයක් ගැන කතා කරනවා...
සිරිසේන මහත්තයෝ දැන් සැපද? කරුමය පසුපස එනවා නියතයි.