IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අසාද් සාලි බස්නාහිර පළාතට ජංගම උසාවි ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

බස්නාහිර පළාතට ජංගම උසාවි කිහිපයක් ලබා දෙන ලෙස තමන් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.

විශේෂයෙන් කොළඹ නගරයට එවැනි ජංගම උසාවියක අවශ්‍යතාව පවතින්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

වාහනයක පවත්වාගෙන යන උසාවියක් මඟින් ස්ථානිය දඩ අයකිරීම් සිදු කිරීම තුළින් මාර්ග නීති උල්ලංඝණය අවම වනු ඇතැයි කී අසාත් සාලි මහතා රථවාහන සඳහා පමණක් නොව පදිකයන් කරන නීති  කැඞීම් සඳහා ද එවැනි උසාවියකින් දඩ නියම කළ හැකි වෙතැයි සඳහන් කළේය.

හරකුන් බල්ලන් පවා සුදු ඉරෙන් පාර මාරු වෙද්දී මිනිසුන් හිතුණු හිතුණු  තැන්වලින්  පාර පනින බව තම නිරීක්ෂණය යැයි ද එවැන්නන්ට දඩයක් ගසා හෝ නිසි මඟට ගැනීමට කටයුතු කළ යුතු බව ද කී අසාද් සාලි මහතා මෙම කටයුතු වලදී තමන්ට කිසිදු දේශපාලනයක් නැතැයි ද පැවැසීය.

බස්නාහිර පළාත් ආණඩුකාරවරයා මේ අදහස් පළ කළේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හා ආණ්ඩුකාරවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

පුරපතිනිය තමන් හමුවීමට අවශ්‍ය බව කිහිප වතාවක් දැනුම් දී තිබු බවත් ඒ සඳහා අවස්ථාව ලැබුණේ අද බවත් කී සාලි මහතා නගර සභාවේ පුරප්පාඩු ගැන, නගරයේ පිරිසිදු කම පිළිබඳව මෙන්ම එහි ඇති බොහෝ ගැටලූ ගැන එහි දී සාකච්ඡා කළ බව ද පැවැසීය.

වාණිජ නගරයක් වූ  කොළඹ නගරයේ පදික වේදිකා වෙළඳාම නිසා පාරවල් ඇහිරී ඇති බවත්  ඕවල් හා කෙත්තාරාමය පවා අද ඒ තත්ත්වයට වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.  

කොළඹ නගරය ලස්සනට පවත්වා ගෙන යායුතු බව තමන් 1998 සිට කියන දෙයක් යැයි කී ආණ්ඩුකාරවරයා නියෝජ්‍ය නගරාධිපති ලෙස කලක් කටයුතු කළ තමන්ට ඒ සඳහා අත්දැකීම් රැසක් ඇතැයි ද පැවැසීය.  



අදහස් (3)

අසාද් සාලි බස්නාහිර පළාතට ජංගම උසාවි ඉල්ලයි

Hafeel Monday, 14 January 2019 01:44 PM

රෝසි නෝනා පරිස්සම් වෙන්න ඕනෑ.. මෙයාත් එක්ක සාකච්ඡා කරද්දී... මතකයි නේද නුවරදී තමාගේ සහෝදර මන්ත්‍රීවරයකුට වෙච්ච දේ...?

:       0       74

Perera Tuesday, 15 January 2019 06:04 AM

ඔය වැරදි වලට ජංගම උසාවි ඕන නැහැනේ. දැනටත් පොලිසියෙන් දඩ කොළ දීපුවාම ලඟම තියෙන තැපැල් කන්තෝරුවට ගිහින් දඩේ ගෙවන ක්‍රමවේදයක් තියෙනවනේ.

:       0       0

ajith Wednesday, 16 January 2019 04:59 AM

එහෙම උසාවි දානවා නම් මල්වානටත් එකක් අන්වර්යයෙන් දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 494 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site