IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පුත්තලම-කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුව ඇති බව පොලිසිය කියයි.

ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඒ  මහතා මිය යන විට 67 හැවිරිදි වියේ පසුවිය.

ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ අතර වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වේ.

 



අදහස් (13)

අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

shamel perera Sunday, 05 July 2020 12:12 PM

අශෝක වඩිගමංගාව මහතාව විවාහ කරලා දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියා විසින්... හරිම කණගාටුයි. සජිත් ප්‍රේමදාස මහත්තයාට සපෝර්ට් කරන්න ඇවිත් වූ දෙයට... මොනවා කරන්නද? නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සමගි පෙරමුණට කළින්ම සුදු කොඩියක් වැටීම ඒ තරම්ම සුබ නිමිත්තක් නොවේ..

:       0       12

Rasika Wadigamangawa Sunday, 05 July 2020 01:25 PM

ඔබට නිවන් සුව වඩිගමන්ගාව මැතිඳුනි !!!

:       2       79

Ruchira Sunday, 05 July 2020 01:26 PM

මෙක හිතන්න පුළුවන්ද? මෙහෙම පොඩි අනතුරකදී මියයන්න පුළුවන්ද?

:       2       128

පැරකුම්Sunday, 05 July 2020 05:42 PM

ඔව්, හරියට සීට් බෙල්ට් එක දාලා නැත්නම් වෙන්න පුළුවන්.

:       0       1

PrabhaSunday, 05 July 2020 07:55 PM

වෙලාව ආවහම කොහොමත් නවත්වන්න බැහැ.

:       0       0

lankasri Sunday, 05 July 2020 01:39 PM

මියයන්නට තරම් අනතුරක් වෙලාද?

:       2       37

KithSunday, 05 July 2020 09:02 PM

ගෝඨා මහතාට මේ ගැන වගකීමක් ගෙන කළහැකි කිසිවක් නැත.

:       0       1

banda Sunday, 05 July 2020 06:16 PM

කාර් එකේ ඉදිරිපස වීදුරුවත් කුඩුවෙලා නැහැ නේද?

:       0       0

Sunil Sunday, 05 July 2020 06:39 PM

එදා තාජුඩීන් වගේ අය අසාමාන්‍ය ලෙසට මියගියාලු නේ.. අන්න ඒ වගේ නැවත අසාමාන්‍ය කට්ටියක් බලයේ ඉන්න නිසා අපිටත් ඉතින් ඒ ගැන සැකයි. ඔළුවට වෙඩි තියාගෙන පස්සේ ඒ පිස්තෝලය සාක්කුවේ දාගෙන දිවි නසාගන්නා මට්ටමේ ගිනස් වාර්තා තියෙන කාලයක් මේක.. කවුරු කවුරුත් පරිස්සමෙන්..

:       21       0

lamaya Monday, 06 July 2020 12:08 AM

කණගාටුයි.., ඒ වුණත් මේවගේ ප්‍රවෘත්තිවලින් දැන් මිනිස්සු කණගාටුවට පත්වෙන්නේ නැහැ. මන්ත්‍රීවරු කියන්නේ හොරුන්, මංකොල්ල කාරයින් විදිහටයි මෙරට ජනතාව හිතන්නේ... ඒක තමයි තිත්ත ඇත්ත...

:       0       72

Sarasi Monday, 06 July 2020 12:37 AM

එයාර් බෑග්ස් නැහැ.

:       0       0

දසනායක Monday, 06 July 2020 06:39 AM

හැම දෙයකටම කල් ඉකුත් වෙන කාලයක් තියෙනවා.. ඒක දේශපාලනයටත් අදාලයි. වයස 67න් පාර්ලිමේන්තු යන්නේ මහජනතාවට මොන සේවයක් කරන්නද? පරදිනකොට පැත්ත මාරුකරලා මිනිස්සුන්ට කොකා පෙන්නපු අයගෙන් කෙනෙක් මෙයත්.. කරපු හොඳ දේවල් විතරක් මිනිස්සුන්ට මතක තියෙයි. නිවන් සුව!

:       0       50

chinthana Monday, 06 July 2020 07:44 AM

කාර් එක වැරැදි පැත්තට ඇවිල්ලා අනතුර වෙලා තියෙන්නේ.. සම්පූර්ණ වැරැද්ද කාර් රියදුරන්ගේ... අහිංසක ලොරි රියදුරු අනුන්ගේ වැරැද්දක් නිසා අමාරුවේ වැටුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site