
(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා සිටි ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා දෙවන දිනටත් අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ මහතාගේ නීතිඥවරයකු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ කරුණු දක්වමින් වෙනත් දිනයක් ඉල්ලා සිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ (8) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතාට දැනුම් දුන්නද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණියේය.
අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා කළ මෙම ප්‍රකාශයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකු හා ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.එස් සංවිධානය පටන් ගත් පසුව මුලින්ම ඔවුන්ගේ සිහින ජිහාඩ් රාජ්‍යය සිතියම් ගත කළා. එයට ලංකාව ද අයත්... ඔවුන් අවශ්‍ය වුනේ ඔවුන් හා එක්ව සටන් වැදීම හෝ තම තමන්ගේ රටවල කුමක් හෝ ත්‍රස්ත ක්‍රියාකාරකමක් කිරීමටය. ආගමික අන්තවාදයෙන් නොමග ගිය අය මෙයට වඩාත් පහසුවෙන්ම යොමු වුණා. එවන් අය කුමක් හෝ ත්‍රස්ත වැඩක් කර තම දායකත්වය එම සංවිධානය ට පෙන්වීමයි. එවන් ත්‍රස්ත වැඩ බොහෝ රටවල සිදු වුණා. අයි.එස්. හැමෝම සිතුවේ ඔවුන් පමණක් අයිති ලොවක්... සෙස්සන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙසයි හැඳින්වූයේ? අයි. එස් ත්‍රස්ත වැඩවලට අණදීමක් අවශ්‍ය නොවන බව මින් පැහැදිලියි. පිළිගත නොහැකි සංකල්ප නූගතුන් විශ්වාස කරාවි. ලෝක දේශපාලනය ගැන දන්නා අය එසේ නොවේවි...!!!
කියපු බොරුව ... මග අරින්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කරනවා ඇති.
මේ වගේ අය නිසා නේද අපේ රට පාලනය කරන්න පොරකන්නේ...?
සමගි ජනබලවේගෙ අයගේ කටේ බ්‍රේක් නෑ.