(ඉන්දිකා රාමනායක)
නුවරඑළිය මීපිලිමාන ප‍්‍රදේශයේ දී නිසි අවසරය නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ ගුවන් නියමුවකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුවේ පදිංචි මෙම පුද්ගලයා සිය පවුලේ පිරිස සමග නුවරඑළියට පැමිණ ඩ්‍රෝන යානය ගුවන් ගතකර ඡායාරූප ගනිමින් සිට ඇත. යුද හමුදා බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (1) මොහු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොහු විදේශ ගතව සිට පැමිණි අවස්ථාවක මෙම ඩ්‍රෝන කැමරාව මෙරටට ගෙන්වා ඇති බවත් ඒ සඳහා කිසිදු බලත‍්‍රයක් නොමැති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඩ්‍රෝන කැමරා ගුවන් ගත කිරීම තහනම් කර ඇති අවස්ථාවක සැකකරු ඒ බව නොතකා මෙම යානාව ගුවන් ගතකර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු කැමරාව, දුරස්ථ පාලකය ඇතුළු උපකරණ සමග වැඩිදුර පරීක්ෂණ සඳහා නුවරඑළිය පොලිසිය බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ හිතේ එයා ගුවන් නියමුවෙක් නිසා අහසින් යන දෙවියෙක් කියලා. වැරදිය. එයාත් රටේ නීතියට අනුව ජීවත් විය යුතුයි.
හොද වැඩේ අඩු ගානේ තමන්ගේ රටේ නීතියවත් නොදැන නාඩගම් කරනවට.
ඩ්‍රෝන කැමරාවක් යැව්වම ගුවන් නියමුවෙක් වෙනවද?