(ටී.කේ.ජී.කපිල )
නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (20) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු ගාල්ල , අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු (20) දින අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන ආ ගමන් මලු වල මෙම විසිතුරු මසුන් 1022 ක් සගවා ගෙන තිබූ අතර , ඔවුන්ගේ වටිනාකම රුපියල් 6,11,133 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
මෙම මසුන් මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය ධීවර අමාත්‍යාංශයේ , ජල ජීවී දෙපාර්තමේන්තුවේ සහ සත්ව නීරෝධනායතනයේ අවසරය මෙම ව්‍යාපාරිකයා සතු නොවූ බැවින් , ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම අත් අඩංගුවට ගැනීම රේගු නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
පසුව මෙම මසුන් වහාම කටුනායක ගුවන් තොටුපළ පිහිටි සත්ව නිරෝධනායතනයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර , ඔවුන් මෙම මසුන් තොගය යළි සිංගප්පූරුව බලා ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබේ
2025 නොවැම්බර් මස 04
308
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවසරයක් නැතිව විසිතුරු මසුන් මෙරටට ගෙනආ අයෙක් රේගුවේදී අල්ලයි