IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවසන් මොහොතෙත් අපේක්ෂකයෝ 8 ක් ඇප බදිති

(රංජන් කස්තුරි)

ඇප මුදල් බාරගන්නා අවසන් දිනය වූ අද (06) දිනයේ අපේක්ෂකයින් 8 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබිණි.

එම අපේක්ෂකයින්ගෙන් පස් දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් වන අතර තිදෙනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කරති.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

1982 පැවැති ප්‍රථම විධායක ජනාධිපතිවරණයෙන් පසුව වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග කරන මැතිවරණය මෙයවීම විශේෂත්වයකි.

ඉකුත් 2015 පැවැති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 දෙනෙකු තරග කළ අතර මෙවර එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිවීම ද විශේෂත්වයකි.

 



අදහස් (12)

අවසන් මොහොතෙත් අපේක්ෂකයෝ 8 ක් ඇප බදිති

Ranjan Sunday, 06 October 2019 03:51 PM

රටට මොනතරම් ආදරයක් ඇති අය ලංකාවේ ඉන්නවද? ජනාධිපතිවරණ අපේක්ෂකයින් 41...

:       12       92

Duminda Sunday, 06 October 2019 04:20 PM

මහේෂ් එන්නේ ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්න එජාපයට සහයෝගයට නම්... හිස්බුල්ලා හා ශිවාජිලිංගම් එන්නේ සජිත්ගේ මුස්ලිම් හා දමිල ඡන්ද කඩන්න ගෝඨාගේ සහයෝගයට නොවේදෙ? ගෝඨා මොකද කොටි සපෝට්.. ගෝඨා මොකද ISIS සපෝට්..

:       525       765

hasanthaMonday, 07 October 2019 06:01 AM

ඔබ ලියලා තියෙන එක නැවත කියවා බලන්න. එතකොට මොවුන් ආවේ නැත්තන් කොටින්ගේ සහ අයි.එස්. එකේ ඡන්ද සජිත්ට ලැබෙනවා කියලා නොවේද ඔබ නොකියා කියන්නේ?. ඔබට යූඑන්පී පාක්ෂිකයෙක් විදියට දැන් ලැජ්ජයිනේ..!

:       1       101

Bamunuarachchi Sunday, 06 October 2019 04:51 PM

මෙහි අපිට නම් පෙනෙන විශේෂත්වයක් නොමැත. අපිට පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් යුතු ප්‍රයෝජන ගන්න අමන රැලක් ඉන්නා බවයි. දේශපාලන තෝරු, මෝරු අස්සේ හැප්පෙන්න යන හාල්මැස්සන් සිහිපත් කරවයි. ස්වාධීන අපේක්ෂකයින්ගෙන් ලක්ෂ ගණනක ඇපයක් අයකර ගත යුතුයි...

:       42       65

Ablik Sunday, 06 October 2019 07:41 PM

ඊළඟ පාරනම් ඔන්න මමත් චන්දය ඉල්ලනවා!

:       0       12

සේන Sunday, 06 October 2019 07:48 PM

සිංහල බෞද්ධ රටේ රජකම කොයිතරම් හෑල්ලු කරලද ? මේ තත්වය ඉතා භයානකය. රටට ආදරය ඇති බුද්ධිමත් මිනිසුන් නිවැරදිම තීරණය ගත යුතු අවසාන අවස්ථාව එළැඹී ඇත. පිට රට ඉන්න අපි විශාල වශයෙන් රටට එන්නේ නිවැරදි සිංහල බෞද්ධ රජු තෝරන්නයි. නැත්නම් රට , ජාතිය , ආගම සියල්ල අවසානයි.

:       19       14

athuraMonday, 07 October 2019 04:38 AM

මහින්ද වගේමයි... මේ ඡන්දෙ දින්නත් විකුණගෙන කන්නේ අපේ රට, ජාතිය, ආගම නොවැ...

:       0       11

අදහස් Monday, 07 October 2019 02:39 AM

මිලමුදල් ජනාධිපති අපේක්ෂකත්වයට බාධා නොවිය යුතුය. අවංක බුද්ධිමතුන් ට ඒ සඳහා ඉඩකඩ අහුරන්න එපා.

:       0       1

Nilantha Monday, 07 October 2019 02:46 AM

ජනාදිපතිකම යනු කිසි වැදගැම්මකට නැති තනතුරක් බව මින් පැහැදිලිවේ පාර්ලිමේන්තුවට බලය හිමිවන රටක් උවමනාය

:       1       13

sharm warn Monday, 07 October 2019 04:39 AM

මහේෂ් සේනානායක ගැන කතා කරන අයට එළිපිට මුදල් විශුද්ධිකරණය ඇතුළු අප්‍රේල් 21ට සම්බන්ධ අපරාධ වලට කෙලින්ම සම්බන්ධයක් ඇති හිස්බුල්ලා නාම යෝජනා දීම ගැන මොකුත්ම හිතෙන්නේ නැති හැටි... ඇයි අප්පා ලංකාවේ මෙහෙම?

:       0       2

Ossan Salam Monday, 07 October 2019 05:39 AM

තනි පුද්ගලයෙකුට අසීමිත බලයක් ලබාදීමට මේසා විශාල රටේ ධනස්කන්ධයක් නාස්ති කරන ඡන්දයක් අපට අවශ්‍යද? අපේ රටට එය ඔරොත්තු දෙන්නක් නොවෙයි. අපට වඩා දැවැන්ත රටක් වන ඉන්දියාවේ පවා ජනාධිපතිවරයා ජනතාව පත්කරන්නේ නැහැ. අප පුංචි රටේ පාර්ලිමේන්තු ඡන්දයකින් ඔය ජනාධිපතිවරයා පත්කිරීම ලබන වතාවේදීවත් සිදුවිය යුතුයි. අනෙක බලන්න මෙවර ඡන්දයට හතළිහක් පමණ ඉදිරි පත්වෙලා... එතකොට කොලයේ දිග අනිවාර්යෙන්ම අඩි දෙකහමාරක් වෙයි වගේ. පත්තර බෝතල් එකතු කරන කඩවලින් එක පිටුවක් පමණක් භාවිතා කළ පරණ කඩදාසිවලින් මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න ඇයි අපි උත්සාහ නොකරන්නේ?

:       0       0

Keki Monday, 07 October 2019 06:06 AM

මේ අපේක්ෂකයින්ගෙන් භාගයක් සජීත්ගේ කොටසක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31295 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13493 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site