ඩයනා උදයංගනී
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා හා විපක්‍ෂනායකවරයාත් එකඟ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක් වුවත් එය කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා පැවසීය.
රටේ ප‍්‍රධාන නායකයින් තිදෙනාගෙන්ම කැමැත්ත ලැබී ඇති මෙම කාරණය නොකෙරෙන වෙදකමක් කර නොගෙන ලැබෙන අවස්ථාවෙන් ප්රයෝජන ගෙන විධායකය අහෝසි කිරීම ඇතුළු එකඟ විය හැකි කාරණා ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බව ද ජයම්පති වික‍්‍රමරත්න මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් එළඹෙන ජනාධිපතිවරණයට පෙර එම කටයුතු කළ හැකි බව ද හෙතෙම කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපතිතුමා සහ විපක්‍ෂනායකතුමා එකඟ වී ඇති බව මාධ්‍යවල වාර්තා කර තිබුණා. ඒ අනුව මේ වන විට රටේ ප‍්‍රධාන නායකයින් තිදෙනාම එයට එකඟයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව එහි නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කිහිපවරක්ම ප‍්‍රකාශ කර තිබෙනවා.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ ගැන පැහැදිලි ස්ථාවරයක් මෙතෙක් දක්වා නැහැ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූ මාදුළුවාවේ සෝභිත හිමියන් දිගු කාලයක් තිස්සේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කතා කළා. ඒ අනුව 2015 ජනාධිපතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨය බවට එය පත්කරගැනීමට උන් වහන්සේට හැකිවුණා. එහෙත් තුනෙන් දෙකක බලයක් නොවූ නිසා විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම වෙනුවට ජනාධිපතිවරණයෙන් පසු එහි යම් බලතල කිහිපයක් පමණක් ඉවත් කළා.
ඡායාරූප - ඉෂාන් සංජීව

COMMENTS
ඇත්තටම ඔයාට ඕනේ ෆෙඩරල් දෙන්න නේ... ඇයි ඔබතුමා රටට, ජාතියට මෙච්චර වෛර කරන්නේ?
විශිෂ්ඨ අදහසක් මැතිතුමනි... මේ අවස්ථාවෙන් ප්රයෝජන ගෙන බලය බෙදා සන්ධීය ආණ්ඩුක්‍රමයක් ගෙන එන්න.
ඒ කියන්නේ නීතිඥ මන්ත්‍රීතුමෝ, මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන්, ජනතාවගේ ඡන්දෙන් තෝරාගත් පක්ෂ නායකයින්ගේ නියෝජිතයින්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවේ, මුදලට විකිනෙන, ජනතා නියෝජිතයින් ගේ ඡන්දෙන් අගමැති ලෙස තෝරාගන්න පක්ෂ නායකතුමෙකුට විධායක බලතල පැවරෙන ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවද? එක පැත්තකින්, ජනතාවගේ මත විමසීමකින් තොරව, අඩු තරමේ ජේ.ආර් ක්‍රමයේ ලාම්පු කලගෙඩි මත විචාරණයකින්වත් තොරව, සංශෝධන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලැබී ඇති පරමාධිපත්‍යය උඩු යටිකුරු කර සාක්කුවේ දමා ගන්න යුගයක, මේක ඒ තරම් ලොකු දෙයකුත් නොවෙයි. පක්ෂ නායකයෝ හතර පස් දෙනා කැමතියි, එකතුවෙලා බෙදාගත්තා, එච්චරයි. ජනතාව කැමති වුනත් නැතත් ඔවුන් කවුද මෙව්වට හොට දාන්න? අම්මප ඔහෙත් නීතිඥයෙක් වුනේ අර කාමරේක තනියම ඉඳන් විභාගෙට ලියලද?
පළාත් සභා වලට බලය දීලා 225 ට ඒවායේ පාලන බලය දුන්න දාට ලොකු ගානකට අලෙවි කරන්න පුළුවන්. බැරිද කොටස් වෙළඳපලට දාන්න.
මෙගොල්ලොත් එන්ජීඕ වර්ගයක් තමා. එක්කෙනෙක් රොටිත් පිච්චුවේ ජනාධිපති බලතල නොතිබුනානම් බැංකු හොරු කවද කියාවත් අපි දන්නේ නැත. මේ ප්ලෑන් කොරන්නේ මහා භාණ්ඩාගාරයටත් විදින්න.....
ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායකයේ බලතල අඩු කරල …. වර්තමානයේ මුදලට විකිණෙන …. ඔය කියන විදිහට කොකේන් ගහන ... ස්ථීර ප්‍රතිපත්තියක් නැති ....... රටේ සුළු සුළු ප්‍රදේශවලින් තේරිලා ආපු ....... හොරමැර කණ්ඩායමක බලතල වැඩි කරනවට...දැන්නම් අපි එක පයින්ම විරුද්ධයි.
විධායකය තිබ්බත් මේ රට අස්ථාවර වෙන විදියේ 13-19 සංශෝදනයක් තියෙද්දී නටන්න හදන්නේ තමන්ගේ බල පෙරේතකම හින්ද වෙන්න ඕනේ.විදායකයට ඕනේ උනත් පළාත් සභාවක් තියාගන්න බැරි රටක් මේක.
රටේ තාමත් සිංහලයන් වැඩි වශයෙන් ඉන්න නිසා සිංහල කෙනෙකුට රටේ තනි බලය ලැබීම නැතිකිරීම සදහා කරන උපක්‍රමයක් බව නොතේරෙන්නේ ඇයි. කරුණාකර විධායක ජනපති ක්‍රමය සිංහලයන් රටේ සුළු ජාතිය වෙනකම් වත් තියාගන්න ඕනේ.
1971 කොල්වින් ආර් ද සිල්වා ඉදිරිපත් කල ව්‍යවස්ථාව මුහුම් ප්‍රජාන්ත්‍රවාදී එකක් නෙවෙයි. එකේ බලය තිබුනේ පාර්ලිමේන්තුවට සහ මහා ජනතාවට. එක නිසයි 1977 කිසිම අවුලක් නැතිව බල පෙරලියක් උනේ. නමුත් බල ලොබි ජයවර්ධන රනිල් ඇතුළු කට්ටිය තමයි බද්ධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගෙනල්ල කප්පාදුව පටන් ගත්තේ. එතරම් දැනුම මුහුකුර ගිය ජයවර්ධනට තේරුනේ නැහැ ලංකාවේ මිනිස්සු බුධ්ධිවන්ත ය කියල. නැතිනම් බද්ධ ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තුවට පක්ෂ දෙකකින් නායකයන් දෙන්නෙක් ඡන්ද දායකය තේරුවොත් මොනවා වෙයිද කියල හිතන්න තිබුණ. ජයවර්ධන සිරිමාවෝ අතර බද්ධ වෛරයක් තිබුණ වගේම ඉදිරියට එන ය අතරත් දේශපාලන බද්ධ වෛරය ඇතිවෙනබව හිතුණේ නැද්ද? අපේ කරුමය තමයි!!!. දැන් අපි දන්නවා ව්‍යවස්ථා සහ විධායක බලය නය සහ පොළග වගේ ඉන්නේ. දෙන්නගේ විෂ දෙන්නම උරගනවා. දැන්නම් ඊටත් වෙනස් වගේ තියන තත්වය. දැන් නිකන් මීයැයි බලලයි වගේ අපිට පෙන්නේ. නමුත් කවුද මීය කවුද බලල කියල දෙන්නම දන්නේ නැහැ. ජයම්පති මහත්තයට අමතක වෙලා වගේ නව ව්‍යවස්ථාව හදන්න කතිරේ ගහල හෙල්ප් කලේ කවුද කියල. අපිටම බලය දෙන්න කතරේ ගහල අපේ ගොන් කන් වහගන්න.