IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්න පොලිසියේ 8000ක්

(ඉන්දිකා රාමනායක)

අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම මෙහෙයුම්වලදී  බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක්  මෙරට ගෙන්වා ඇති බවත් හෙට (9) දිනයේ එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පසුගිය වසරේ අවුරුදු සමයේ 10 වැනි දින සිට 20 වැනි දින දක්වා  දින දහයක කාලය තුළ සිදු වු රිය අනතුරු වලින්  පුද්ගලයන් 135 දෙනෙක් මියගොස්  තවත් 750 දෙනෙක් තුවාල ලබා සිටි බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම  සංඛ්‍යාලේඛන අනුව දින 10 ක කාලය තුළ දිනකට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් 75 දෙනකු තුවාල ලබා සිටින බවද හෙතෙම කියා සිටියේය.

යම් කිසි පුද්ගලයකු අවුරුදු සමයේ සාදයකට ගොස් මත්පැන් පානය කරන්නේනම් ඔහු ගේ රථ ධාවනයෙන් වැළකි යුතු බවද පොලිසිය දන්වා සිටියි.

ඒ සඳහා රියදුරකු රැගනෙ යායුතු බවත්,   වෙන් කිසියකු රැගෙන යාමට පුද්ගලයකු  සිටීනම්  බීමතින් රථ ධාවන  නොකර පොදු  ප‍්‍රවාහයක් හො කුලී රථයක් භාවිතා කරන ලෙසට පොලසිය ඉල්ලා සිටියි.

මෙමගින් බීමතින් රථ ධානයෙන් සිදුවන අනතුරු වළක්වා ගත හැකි බවද  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (2)

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්න පොලිසියේ 8000ක්

wedage Tuesday, 09 April 2019 06:55 AM

දඩකොල අසූදහක් විතර ලියන්න පුළුවන් රුපියල් මිලියන එකසිය හැත්තෑ හයක් විතර ආදායමක් ලබන්න පුළුවන්

:       0       71

nalaka Tuesday, 09 April 2019 09:34 AM

ලංකාවේ විනයක් නැති රියදුරන් නිසි මගට ගත හැකි එකම ක්‍රමය නම් ඇගට දැනෙන්නට දඩ ගැසීම පමණයි.

:       19       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site