විනීතා එම් ගමගේ
අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.
එම අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා දුරකතනයෙන් තර්ජනය කළේ යැයි තම සංගමය වෙත වාර්තා වී ඇතැයි ද හෙතෙම කියයි.
මියගිය අයෙකුගේ මෘත ශරීරය විකුණාගෙන කමින් දේශපාලන බලය ලබාගැනීම සදහා ඡන්ද සිඟමනේ යෙකෙනවාට අමතරව නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීමට තරම් සමහර පුද්ගලයින්ට බලය ලබාදී ඇත්තේ කවුරුන් දැයි සොයා බලා නිසි පියවර ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියයි.
මෙම පිරිස සියලූ නිරෝධායන නීති හා සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝණය කළ බව රටම දන්නා බවත් තවමත් රට අනතුරක පවතින අවස්ථාවක මෙවැනි විසූක දස්සන වලට එරෙහිව සමස්ත රට පුරා පක්ෂ විපක්ෂ සියලූ කණ්ඩායම් වෘත්තිකයන් සහ සියලූ ජන කොටස් පෙළ ගැසිය යුතු යැයි ද ඔහු සදහන් කරයි.
ආරම්භයේ සිටම කොවිඞ් 19 ව්‍යාප්තියට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ඇතුළු ක්‍ෂත‍්‍ර නිලධාරින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල තවත් හෙම්බත් කරවන මෙවැනි අනවශ්‍ය කටයුතු රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇතැයි ද ඔහු ගේ අස්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල, අනෙක් රාජ්‍ය අංශ මෙන්ම මහජනතාවද පසුගිය කාලය පුරා සිදුකල කැපකිරීම් තුට්ටුවකට මායිම් නොකරන මෙම අසික්තිත දේශපාලන ව්‍යාපෘතිය මියගිය තොණ්ඩමන් මහතාට කරන විශාල අගෞරවයක් බවත් මේ වැරදි ආදර්ශ නිසා සමස්ත ජනතාවගේ කැප කිරීම අඩුවී ඇතැයි පර්යේෂකයින් පෙන්වා දෙන බවත් ඔහු තම නිවේදනයේ සදහන් කරයි.
COMMENTS
ඔබතුමාට මගේ ආචාරය... රටේ නීතිවලට ගරු නොකරන මෝඩ කල්ලතෝනින් ඔවුන්ගේ මව්රට වන තමිල්නාඩුව දෙස බලාවත් පාඩමක් ඉගෙන නොගැනීම කණගාටුවට කරුණක්...
මෙන්න සැබෑ මානව හිතවාදියෙක්. උපුල් රෝහණ මහතාටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයටත්, අපගේ ප්‍රණාමය...!
මේකේ මූලාරම්භය කලේ අගමැතිතුමායි.
දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ?
කාලයකින් අසන්නට ලැබුන නිර්භීත ප්‍රකාශයක්. මෙවැනි නිර්භීත ප්‍රකාශයක් කරන්න (මම බොහොම ගරුකරන මහත්මයෙක්..) අනිල් ජාසිංහ මහත්මයාටවත්, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් මහත්මයාටවත් නොහැකි ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා. දියුණු රටවල මේ වගේ දෙයක් වුනොත් වගකිවයුතු නිලධාරීන් ඉල්ලා අස්වෙනවා හේතුව සඳහන් කරලා.. මිනි විකුණාගෙන කන බිස්නස් එක හැර මේ රටේ පාලකයින් යයි කියාගන්නා මෝඩයින්ට වෙන මොනවාද කරන්න දන්නේ..? සමාවෙන්න ඒ ගොල්ලෝ දන්නා, කරන වැඩ ටිකක් නම් තියෙනවා. රටේ ඉඩම් විදේශිකයින්ට විකුණා මුදල් හොරකම් කිරීම, අල්ලස්, කොමිස් ගැනීම, රටේ ඉඩම් කොල්ල කා ගැනීම සහ මිතුරන්ට ලබාදීම. විදේශයන් සමග රටට අතිශයින්ම අහිතකර ගිවිසුම් ගැසීම, තමා වැනිම තමන්ගේ නූගත් මෝඩ දරුවන්ට උසස් තනතුරු ලබාදීම... ඒ වගේම තමයි තමන් වගේම මෝඩ රැලක් ආණ්ඩුවට එකතුකරගෙන රට කෑම. මේ අවාසනාවන්ත ඒ වගේම අවධානම් තත්වය රටවැසියන්ට වටහිලාද? නැද්ද? කියන්න මම දන්නේ නැහැ. එ්ත් දැනටත්... අපි පරක්කුවෙලා... කෝච්චිය ගිහින්..
ජනාධිපතිට සොයා බලන්න කියන්නේ ඔහු තාම දන්නේ නැද්ද?
මේවට වගකියන්න ඕනේ ජනාධිපති.
ලංකාවේ හමුදාවන් සක්‍රීයව යොදාගත් නිසා, වර්ජන කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලාපොරොත්තු වූ පරිදි රජය දණ ගස්සවන්න ඔවුන්ට බැරි උනා. දැන් ඉතින් තර්ජනය කරමින් උඩ පැන්නාට වැඩක් නැහැ. පෙරහැර ගිහින් අවසානයි. බල්ලන් බිරුවාට කන්ද පහත වෙන්නේ නැහැ කියන්නේ ඕක තමයි.
කාටද? ගියපු අහිංසක මිනිස්සුන්ටද? වගකිව යුත්තන්ට නඩු දානවා නම් දැනටම ඕනවට වැඩිය හේතු තියෙනවා. පිටරටක ඉඳලා නිරෝධායනේ වෙන්නේ නැතුව කෙලින්ම අාපු කට්ටියත් ඉන්නවා...
උපුල් රෝහණ මහත්මයාණෙනි, අප ඔබ සමගයි.
නඩු දානවා නම් රටේ ජනාධිපතිගේ, අගමැතිගේ ඉඳන්ම නඩු දාන්න ඕනේ.. මේ කරපු මෝඩ, තකතීරු වැඩේට. ඉතින් මේ අසිරිමත් ලංකාවේ මේ ආත්මයේ දේශපාලකයින්ට විරුද්ධව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා මේ කතාවත් තව ටික දවසකින් යටයන එක විතරක් වෙයි..
මේවට වගකියන්න ඕන ජනාධිපති හා අගමැති.., ඔවුන්ගේ හැසිරීම අපි දකිනවා...
නීතිගරුක සියළු රට වැසියන් ඔබ සමගයි. වහාම නුසුදුසු නායකයන් පලවා හරින්න පෙළ ගැසෙමු.
ඊළඟට බිලි බාගන්න හදන්නේ කවුද? ඒ ගොල්ලන්ගේ ලන්සු නම් මීට වඩා වැඩිවේවි.
රට කරවන කට්ටිය රටේ මිනිසුන්ට එක නීතියක් දමා, තමන් වෙන නීතියකට අනුව ක්‍රියාකරන බව හොඳටම පැහැදිලියි. 2015ට කලිනුත් මෙහෙම පිස්සු නටපු හින්දයි ගෙදර යන්න වුනේ..
මහත්තයෝ.. මේවාට අපි කතිරයෙන්ම උත්තර දෙමු. කට්ටියව ගෙදරම යවමු.
අනේ මේ අය බයවෙලා තියෙන තරම...! මාස ගාණක්ම රට යන්නේ විජ්ජාවක් කියලා තේරෙන්නේ නැති හැටි...
මහජන සෞඛ්‍ය නිලධාරි සංගමයට මේ රටේ යහපත ගැන සිතන සියලු දෙනාගේ ආශිර්වාදය, ගෞරවය හිමිවිය යුතුයි. ඔවුන් අධිකරණයට යනවා නම් ඒ මේ රටේ සමස්ත පුරවැසියන් වෙනුවෙන් නිසා එහි බරපැන සඳහා යහපත් රටක් ප්‍රාර්ථනා කරනා සියලු දෙනාට ඊට දායක වීමට අවස්ථාව දෙන්න...
දයාන් කිව්ව දේ හරි ආරම්භකයා අගමැති තමයි. එතකොට රටේ දෙවැනි පුරවැසියා දුන් ආදර්ශය වැරැදියි.
ඔක්කොම රෝහණලා කතාවට දක්ෂයින් වගේ. බලමුකෝ වැඩ.. නමුත් වැරැද්ද දැකලා එ්ක ගැන නිර්භයව කතා කරපු එක ගැන උපුල් රෝහණ මහත්තයට ස්තුතියි...
මේ රටේ සාමන්‍ය මිනිස්සු තමන්ට හැකි පමණින් කොරෝනා නීති ආරක්ෂා කරනවා. එමනිසා සාමාන්‍ය මිනිස්සු අතර මේ අවස්ථාවේදී කොරෝනා පැතිරීමක් නැත. මේවා කඩන්නේ දේශපාලකයන් සහ රජයේ නිලධාරීන්... දැන් කොරෝනා බෝවෙන්නේ ත්‍රිවිධ හමුදා කඳවරු තුළ සහ ඔවුන් විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල.., (ඔය කියන විදිහට රට සිට එන විශාල පිරිසකට කොරෝනා හැදිලා එනවා කියන කතාව පිළිගන්න බැහැ. එ්කට හේතුව ඔවුන් රට තුළට ඇතුල් කරනකොට උණ සහ බාහිර කොරෝනා ලක්ෂණ තිබෙනවාද කියලා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා) ඔවුන් නිසිලෙස උපදෙස් පිළිපදිනවා නම් එහෙම වෙන්න බැහැ. අන්තිමට දුක් විඳින්න වෙලා තිබෙන්නේ මුළු රටේම මිනිස්සුන්ට...
උපුල් මහත්තයා හරියටම හරි... මේක කරන්න පුළුවන් ඒ අයට විතරයි.
දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ?
කොහොමත් සුළුජාතීන්ගේ වැඩිහරියකුත් මහා ජාතියේ සුලුපිරිසකුත් රජයේ නීතීන්වලට ගරුකරන්නේ නෑ.. 225 මීහරක් රැලේ අසුචි රස කරකර කන ඇම්බැට්ටයෝත් ඔය නීති ගණන් ගන්නේ නෑ...
දුව රට ඉඳලා ආපු ගමන්ම මල ගෙදර යන්න අවසර දුන්නේ ජනාධිපති... පොඩි මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති
පොහොට්ටුව අටවපු උගුලට අයත් වැඩේ වරද්ද ගනී වගේ...
ශ්රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාටත්, මෙතෙක් රට වෙනුවෙන් අවංකවම නිර්භයව සත්‍ය හෙළදරව් කරමින් වසංගතයේ සැබෑ තත්වය රටට හෙළදරව් කල හරිත අලුත්ගේ සහ ක්‍රිෂාන්ත සොයිසා වෛද්‍යචාර්ය දෙපළටත් අපගේ ගෞරවනීය ආචාරය. ගෞරවය බලෙන් ගන්න බැහැ. ඔබලා අමරණීයයි. සැබෑ දේශප්‍රේමීන් ඔබලායි. යුද හමුදාපතිතුමාටත් අනිල් ජාසිංහ ඇතුලු අනිකුත් නිලධාරීන්ටත් කරන්න දෙයක් නැහැ. කට වහගෙන හිටියත් ඒ අයත් වීරයින් තමයි. දේශපාලනය ඔහොම තමයි. අපි නම් දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි රටට ආදරේ සැබැ වීරයන් කවුදැයි රට දන්නවා. මතක තියාගන්න මේ ශ්‍රී ලංකාව...
කොන්ද පණ ඇති නිලධාරියෙක් වූ ඔබට අපේ ආචාරය...
කොරෝනා නීති යටතේ මෙම අවමඟුල් කටයුතුත් පැය 24ක් ඇතුළත කරන්නට තිබුණා. එය එසේ වූයේ නැහැනේ. අපේක්ෂාභංගත්වය වඩාත් තදින් දැණුනු අවස්ථාවක්...
මෙය අත්වැරැද්දක් නෙවෙයිනේ. නව පොකුරක් ඇතිවූවත්, නැතත් සමාව දිය නොහැකි වරදක්...
මෙයින් අපහසුතාවයට පත් වූයේ ප්‍රධාන වශයෙන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා හෝ යුද හමුදාපතිතුමා හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පමණක් නොවේ. කැපකිරීම් කළ අප ජනතාවද ඒ අතර ප්‍රධානයි.
ආණ්ඩුව තොන්ඩමන් වෙලා, තොන්ඩමන් ආණ්ඩුව වෙලා. මොන පක්ෂය බලයේ හිටියත් ජාතිවාදී පක්ෂ තමයි රජ කරන්නේ...
මගේ උත්තමාචාරය...!!!
ඉපදුනේ ලංකාවේ. ඉගෙන ගත්තේ රෝයල් එකේ. එ්ත්, ඇතැම් ක්‍රියා දෙස බැලීමේදී මොවුන් හදවතින්ම ලාංකික නොවන බව පෙන්වා තිබෙනවා. මෙතුමාගේ සීයා නම් ඉන්දියානු ජාතිකයෙක්...
මෙතැනදී අසාධාරණය වුනේ එදාවේල හොයාගෙන කාපු මිනිහට අාපහු කොරෝනා පොකුරු ඇවිත් රට lockdown කරලා තිබුනොත් කාටද පාඩුවෙන්නේ? ඔය ඡන්දෙ බලාගෙන ගේම ගහන අයියට හරි, මල්ලිට හරි නෙවෙයි. තව කඩේ යන අයටත් මොනවා හරි කටු කෑල්ලක් වැටෙයි නේ. අනේ ඉතින් අසරණයෝ පව්.
රාජපක්ෂලා රජයේ සේවකයින්ගේ පඩියෙන් භාගයක් ඉල්ලන්නේ මේ වගේ ජෝගි නටන්න... කෙනෙක් සත පහක් දෙන්න එපා ආණ්ඩුවට... මේවට දැනට ඇමරිකාවේ තියනවා වගේ ජනතා නැගිටීමක් අත්‍යාවශ්‍යමයි...
කෝ අර දැඩි තීරණ ගන්නා වැඩකරන විරුවා, අපේ හමුදාපතිතුමා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා සහ දොස්තර මහත්තයා...? දකින්නත් ආසයි.
කොරෝනා නිසා ලෝකේම ගැටළුව නීතිගරුක පුරවැසියන්ට. විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනයක් නැහැ. පාසල් වහලා. ටියුෂන් නැහැ. පෝයටවත් පන්සල් නැහැ. අම්මා තාත්තාට දරුවන් බලන්න යන්න නැහැ. දරුවන්ට දෙමාපියන් බලන්න යන්න බැහැ. ආදායමක් නැහැ. වියදම විතරයි. හිටි ගමන් දවසෙම ඇඳිරි නීති දානවා. උසාවි වැඩ මාස ගණන් කල් යනවා. හිර ගෙවල් පිරෙනවා. අඩුම ගානේ දඩයක්වත් ගෙවලා ගෙදර යන්න නැහැ. අපි කොහොම කැප කිරීම් කළත් දේශපාලකයින්ට මේවා තේරෙන්නේ නැහැ. හිතලා බලන්න. නැවත කොරෝනා කාරයෙක් මත වුණොත් අපි තව කොච්චර කාලයකින් නැගිටින්නද? පන්දාහෙන් පුලුවන්ද ජීවත් වෙන්න. එහෙම ඕනෙත් නැහැ. ඉක්මනින්ම රට යතා තත්වයට පත් කරන්න. දේශපාලකයින් වඩාත් ආදර්ශමත්ව නීතිගරුකව වැඩ කරන්න. සොයිසා මහත්තයා කීවා වගේ එක මළගෙයක් නිසා රටම ලෙඩ වෙන්න පුළුවන්... දැන්වත් ජනතාව ගැන හිතලා කටයුතු කරන්න...
ජීවත්ව සිටින අයගේ අමනවැඩ නිසා මියගිය තොණ්ඩමන්ටත් මිනිස්සු බනිනවා...
මේ කතාකරන්නේ උපුල් රෝහණද? නැතිනම් අජිත් රෝහණද?
මම පහුගිය සැරේ මෛත්‍රිට ඡන්දෙ දීපු එකටත් ඊට පස්සේ JVp එකට දීපු එකටත් සතුටු වෙනවා. පුදුම කලකිරීමක් මේ රටේ මිනිස්සු ගැන තියෙන්නේ... කරුමේ කියන්නේ මේ අයගේ මානසික වහල් බව බිඳින්න කාටවත් බෑ... එ්නිසා රාජපක්ෂලා තමුන්ට ඕනෑ දේම කරනවා.. කිසි ගානක් නැහැ..
පවුල් පාලනයේ අතුරු ප්‍රතිඵල. තුනෙන් දෙක ගත්තම තව තේරෙයි අපේ අයට... මේක නාඩගමක් කියලා බත් කන කවුරුත් දන්නවා.
මෙහෙම කියන්න තරම් හැකියාවක් රජයේ නිලධාරීන්ට ලැබීමම ලොකු වාසනාවක්...