
(රංජන් කස්තුරි)
කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ බව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වනවිට රෝහල් ගත ධාරිතාවය ඉක්මවා යාමේ අවධානමක් තිබෙන හෙයින් එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා සමග ඊයේ (10) පැවති සාකච්ඡාවක දී තම සංගමය පෙන්වා දුන් බවද එම සංගමය කියයි.
ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හා දැඩි සත්කාර ඒකක තව තවත් අවශ්‍ය බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ සක්‍රීය දායකත්වය පමණක් සිදුවන හෝ වර්තමාන ක්‍රියාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් යටතේ ක්‍රියාත්මකවන පුළුවන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සමන්විත කමිටුවක් මගින් සිදු කළ යුතු බව ද එම සාකච්ඡාවේදී පෙන්වාදුන් බව රජයේ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ "ගොමා" මාෆියා කල්ලියේ උපදෙස් නම් අපට වැඩක් නැහැ. මොවුන් දේශපාලන බත් බැලයෝ මිස, සැබෑ වෛද්‍යවරු වශයෙන් අපි පිළිගන්නේ නැහැ. සුවසරිය ගිලන් රථ සේවයට මොවුන් පරිභව කල විදිහ අපට තාමත් මතකයි. ජාතියේ පවට බිහිඋන දොස්තර මුදලාලිලා..
අනිත් රටවල කරන්නේ තියෙන ඇඳන් ප්‍රමාණයට ලෙඩ්ඩු අඩුකර ගන්න උත්සාහ එකයි. අපි කරන්නේ ලෙඩ්ඩු වැඩිවෙන ගානට ඇඳන් හදන්න මහන්සි වෙන එකයි. ඒකෙන් මේකෙන් සමහරු ප්‍රකොටිපතියෝ වෙලා කියලත් කියනවා.