IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අලි පොත පෙරළා කළ හොරකමට 6 කට නඩු

(මනෝප‍්‍රිය ගුණසේකර)

වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු සහ වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ අද (11) නඩු පවරන ලදී.

විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණයේ තෙවැනි නඩුව වශයෙන් නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.

විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.

අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘‘අලි රොෂාන්‘‘ ,වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි පද්මසිරි, එහි අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චන්දන ගම්ලත් සහ පී.ජී. ජයලත් නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යාණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ලඟ තබා ගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙම අලි ජාවාරමට සම්බන්ධ බව කියමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනමකට ලක් කළත් මෙම නඩුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කොට නොමැත.



අදහස් (0)

අලි පොත පෙරළා කළ හොරකමට 6 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 588 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 502 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 428 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site