IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලි ගම් වැදී නාඋල ගම් රැසක ජනතාව අමාරුවේ

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජලාශයට යටවූ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක වන අලි ගැවසීම ජනජීවිතයට බාධාවක් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
 
කඹරව, ගල්පෝරැගොල්ල, ඇලගමුව, කඩවත, කෝන්ගහවෙල හා රජාවෙල ගම්මානයන්හි  නිරන්තර වන අලි ගැවසීම හේතුවෙන්  දුෂ්කරතා රැසකට තමන් මුහුණ දී ඇති බව ගොවීහු කියාසිටිති.
 
මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව ආහාර හා ජලය තීබිම හේතුවෙන් ඒ ආශ්‍රීතව වන අලි ගැවසීමට ප්‍රියකරන අතර අවට වගාවන්වලට ද මෙම වන අලි හානි කරති.
 
අඹන මහ වෙල් යායට අයත් වගාවන්, සේනාගම, මොරගොල්ල ප්‍රදේශවල බෝග වගාවන් මේ හේතුවෙන් අවදානම් තත්ත්වයට පත්ව තිබේ.
 
වන අලි ගැටළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරගොල්ල ප්‍රදේශවාසීන් කියා සිටියේ රාත්‍රී කාලයේ ගම්වදින වන අලි හේතුවෙන් සිය දෛනික කටයුතු පවා අඩාල වී ඇති බවයි.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින වන අලි ගැටළුව සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර කාර්යාලයෙන් කළ විමසීමක දී එහි අඩවි අරාක්ෂක රංජිත් කේ. විජිත මහතා පැවසූයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
 
පසුගිය දා ප්‍රදේශයට කරදරයක් වී සිටි වන අලියෙකු අඹන ප්‍රදේශයෙන් අල්ලා ගත් බවත් සෙසු වන අලි ද හැකි ඉක්මනින් ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

අලි ගම් වැදී නාඋල ගම් රැසක ජනතාව අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site