(නිමන්ති රණසිංහ)
කූඨ ලේඛන සකස් කර අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය වැඩිදුරත් පවත්වා ගෙනයා නොහැකියි යන පදනම මත අලි ඇතුන් මුදාහැරීමට අධිකරණය ලබාදුන් තීන්දුව නිත්‍යානුකූල බව නිතිපතිවරයා අද (16) අධිකරණයේදී ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළව සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 වගන්තිය ප්‍රකාරව අලි ඇතුන් මුදා හරින ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම නිත්‍යානුකූල බවත් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
කූඨ ලේඛණ සකස් කරමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා ඉදිරියේ අද (16) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරයන්ට බඩු භාරදෙනවා වගේ වැඩක් මේක.
අලි ඇත්තු ගෙවල්වලට දීලා නීතිපති දෙපාර්තමේන්තුවේ එවුන් කැලේට පන්නමු. අමන නීති
රාජපක්ෂලාගේ හැම නඩුවකටම ඕකනේ උනේ .අන්තිමට සාක්ෂි නැති වෙනවා
නඩු දාන්න පෙර විමර්ෂණය කරලා එම විමර්ෂණ මගින් නඩුව ඔප්පුකරන්න තරම් සාක්ෂි තිබ්බ නිසා නෙමෙයිද නඩු දැම්මේ? නීතිපති දෙපාර්ථමේන්තුව පොඩි එවුන් වගේනෙ ප්‍රකාශ නිකුත්කරන්නේ. මෙම විමර්ෂණයට නඩු දාන්න ඕන කියලා නිර්දේෂ ඉදිරිපත් කළ නීතිපති දෙපාර්ථමේන්තුවේ නිලධාරියාගේ අකාර්යක්ෂමතාවයට විනය පරීක්ෂණයක් තියන්න ඕන.
ශ්‍රීලංකාවට නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්‍ය ද කියලයි කලපනා කලේ