
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති ගබඩා සංකීර්ණයේ විදේශ රටවලින් ගෙන්වා තිබූ ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ 60,000 කට අධික ප්‍රමාණයක් අද ( 9) සොයා ගැනීමට හැකිව තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩා සංකීර්ණයේ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් තොරව පාකිස්තානය ඉන්දියාව චීනය ඉරානය ආදී රටවල් වලින් ගෙන්වන අර්තාපල් අල සුදුලූනු ලොකු ළූණු ආදී ගබඩා කිරීම අලෙවි කිරීම සුද්ධ පවිත්‍ර කිරීම සිදුකරන බවනගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත නාගරික සෞඛ්‍ය කණ්ඩායම සිදු කළ වැටලීමකදී මෙම නරක් වූ ලූනු තොගය සොයාගෙන ඇත.
එහිදී ඉතා අනාරක්ෂිත ලෙස මෙම ලොකු ලූනු සහ පිටරටින් ගෙන්වන ලද ආහාර ද්‍රව්‍ය පටවන පරිහරණය කරන අයුරු දුටු නගරාධිපතිවරයා එම ව්‍යාපාරිකයන්ට දැඩි ලෙස අවවාද කළේය.
ඇතැම් සේවකයන් මුහුණු ආවරණ නොකර සේවය කර පිරිස දිවයන්නට ද වූහ. කෙසේ වෙතත් මෙම ගබඩා සංකීර්ණය පරික්ෂා කිරීමේදී ගබඩා රැසක මෙරටට ගෙන්වා ඇති බවට කිසිදු ලියකියවිලි සාධකයක් නොමැති ව ඇති ආහාර රැසක් සුද්ද පවිත්‍ර කොට ඉතා සූක්ෂම ලෙස වෙළඳපොලට යැවීමේ ජාවාරම හසු කර ගැනීමට ද හැකි විය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුට අයත් මෙහි ගබඩාවක ඉදිරිපිට සහ පසුපස සම්පූර්ණයෙන්ම වසා දමා කාන්තාවන් රැසක් එම ගබඩාව තුළ රඳවා ආහාරයට නුසුදුසු පැළ වී ඇති ලොකු ලූනු එම පැල කපා තෝරා ඇසුරුම් කරමින් සිටින අයුරුද අනාවරණය කර ගැනීම විශේෂත්වයකි.
කොළඹ වරායෙන් රට ඇතුළට ගැනීමෙන් වලක්වා ඉවත් කරන ලොකු ලූනු මෙයාකාරයෙන් ඉතා සූක්ෂම ලෙස ගෙනැවිත් රට පුරා බෙදා හැරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බව නගරාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.