
(නිමන්ති රණසිංහ)
පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් ජනතාවටත් ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ටත් අපහාස කළැයි කියන සිද්ධියකට අදාළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (10) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බැවින් සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නඩුවෙන් නිදහස් කරන ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ ප්‍රතිඵල...
මුජිබර් ගොයියව අල්ලලා හොල්ලන්න වෙනවා අපිට. අල්ලා මෙරටට ආවේ බොහොම මෑතක. දැන් කල්පනාව මුළු රටම අල්ලන්න
පුදුම වෙන්න දෙයක් නැහැ. අපි දැනගෙන හිටියා..
ඔය කවුරු කයිය ගැහැව්වත් අන්තිමට හාමුදුරුවන්ට යටයි. අපි හාමුදුරුවන් සමගයි.