(ඩයනා උදයංගනී)
ගාල්ල ප‍්‍රදේශයේ පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන සහකාරවරියගේ රාජකාරී වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම අමාත්‍යාංශය පවසයි.
දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා ඇය විසින් අල්ලස් ලබාගත් බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අධ්‍යාපන පද්ධතිය අල්ලස සහ දුෂණයෙන් තොර කිරීමේ අරමුණ ඇතිව අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති තොරතුරු ලබාගැනීමේ පද්ධතිය හරහා මෙම පැමිණිල්ල ලැබී ඇත.
පාසල්වලට දරුවන් ඇතුළත් කරුනීම සඳහා සහ ගුරු මාරු කිරීම් සඳහා අල්ලස් ලබාගැනීම සිදුවන බවට දිගින් දිගටම ලැබෙන පැමිණිලි අනුව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ පරීක්‍ෂණ රැසක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.