(මනෝප‍්‍රිය ගුණසේකර)
සේවකයින්ට අතීකාල නොගෙවීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ආයතනයකින් රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ හිටපු කම්කරු නිලධාරීවරයාට වසර 08 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රුපියල් 20,000/-ක දඩයක් ද ඔහු යටත් කළාය.
විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවුවහොත් අමතර වසර 02ක සිරදඬුවමකටද ඔහු යටත් කළාය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ මේනකා මුණසිංහ මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬවම් නියම වුයේ කොළඹ කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීවරයා ලෙස සේවය කළ උපුල් ප‍්‍රදීප් හේමන්ත නමැත්තාටය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.