(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
වැලිවේරිය පොලිසියට අනුබද්ධව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පුද්ගලයෙකුගෙන් රුපියල් දෙදහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (8) අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වැලිවේරිය ප්‍රදේශයෙහි තරුණයෙකු පුනරුත්ථාපනය පිණිස යැවීමට එම තරුණයාගේ පියාගෙන් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් විමර්ශනයක් කොට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කොට ඇත.
මේ අනුව එම කොමිෂන් සභාවේ නිධාරීන් විසින් එම තරුණයාගේ පියාට රුපියල් 2000 ක මුදලක් අදාළ සැරයන්වරයාට ලබා දෙන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකු පගාකරයින් කාටවත් තවම දඬුවම් ලැබිලා තියෙනවද? ඒ අයගේ නඩු කල් දමදමා ඉන්නවා.