(නිමන්ති රණසිංහ)
වනජීවි දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධ පුද්ගලයකුට නිති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් 7000ක මුදලක් ඉල්ලූ බව කියන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනකු අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල ඇතිමලේ ලියන්ගොල්ලේ වන අඩවි කාර්යාලයට අනියුක්තව සේවය කරන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේ ගොවි මහතෙකු විසිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලිකල ගොවි මහතා මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබීම හේතුවෙන් ඒ සඳහා නෛතික කටයුතු නොකර සිටීමට මෙම නිලධාරීන් දෙදෙනා අල්ලස් වශයෙන් රුපියල් හත්දහසක මුදලක් ඉල්ලා සිටින බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණීල්ල ඉදිරිපත් වූ බව එම කොමිසම පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ ප්‍රදේශයේ කැලෑවකදී අදාළ අල්ලස් මුදල ගැනීමට තැත්කිරීමේදී උපාය දූතයකු මගින් වැටලීම සිදුකර ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම සදහන් කරයි.
සැකකරු අද (01) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු දේශපාලුවන් වගේ නෙවෙයි.. පොඩි අය අල්ලස් අරන් අහුවෙන්න එපා... දඬුවම් බොහොම සැරයි.
අනේ දුකයි වැඩේ වැරදි වුණාට, ඒත් ඊටත් වඩා දුක නැව් ගිලපු අය දියවන්නාවේ හෝටලයට පැනලා ඉන්න විදිය දැක්කාම...