(මනෝප‍්‍රිය ගුණසේකර)
රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 21 වැනිදා කැඳවීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (11) නියම කළේය.
විත්තිකාර විශේඥ්‍ය වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කරන දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස නියම කළේය.
මෙම නඩුව දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ (සභාපති විනිසුරු) ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහතවරුන් ඇතුළත් වෙති.
නිකුත් කරන රසායනාගාර වාර්තා ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා කුලියාපිටිය ‘සෙත්සුව’ පෞද්ගලික රසායනාගාරයෙන් මාස්පතා රුපියල් 25,000/- බැගින් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබා ගන්න ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා නඟා ඇත්තේ කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි තෙන්නකොන්වෙල මහතාට එරෙහිවය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව සඳහා මීට පෙර වෙනත් නීතීඥවරයකු පෙනී සිටියත් මීට දින කිහිපයකට පෙර සිට විත්තිකරු තමා පත් කොටගෙන ඇතැයි පැවසීය.
ඒ අනුව මෙම නඩුව පරීශිලනය කිරීමට මෙන්ම, පරිගණක සාක්කියට අදාළව පරීක්‍ෂා කොට බලා දැනුම්දීම සඳහා තමන්ට කෙටි කාලයක් ලබාදෙන්නැයි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ දිස්නා ගුරුසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයට ලබාදිය යුතු පරිගණක සාක්කියට අදාළ නොතිසි හා නඩුවට අදාළ ලේඛන පසුගිය 20 වැනිදා විත්තිපාර්ශවයට බාරදුන්නේ යැයි කීවාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන 21 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ දිස්නා ගුරුසිංහ මහත්මිය පෙනී සිටියාය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන තේජිත කෝරලගේ, චමින්දි අර්සකුලරත්න, ඇතුළු නීතීඥ කණඩායමක් සමඟ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් ගත්ත කෙනාට ඕනෑතරම් සල්ලි විසිකරලා නීති විශාරදයින් මගින් නඩුවෙන් ගොඩයන්න පුළුවන්. කියල වැඩක් නෑ.
බය වෙන්න දෙයක් නැහැ.ඒ දොස්තරව, දොස්තර සංගමය විසින් රැක බලා ගනීවි. ඕක එක සිද්ධියක් පමණයි. රට පුරාම ක්‍රියාත්මක වන දොස්තර මාෆියාවේ එක පැතිකඩක් තමයි මේ. කුඩු ජාවාරමටත් එහා ගිය මේ මාෆියා කල්ලිය ලංකාවේ සිටින ධනවත්ම මාෆියා සංවිධානයයි. මේ සංවිධානයට ශ්‍රී ලංකා රජයත් බයයි. ඕකයි තිත්ත ඇත්ත?