(නිමන්ති රණසිංහ සහ ජේ. ඒ. එල්. ජයසිංහ)
අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගෙන් ඉල්ලා ලබාගත් බව කියන තෙල්දෙණීය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අද (17) තෙල්දෙණීයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට, මහනුවර පදිංචි තැනැත්තියක බව ද ඔහු සදහන් කළේය.
මැදමහනුවර පදිංචි විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගේ පැමිණීල්ලකට අදාළව කළ වැටලීමකදි නුවර මහියංගනය පාර තෙල්දෙණීය මහජන බැංකුව ඉදිරිපිට ඇගලුම් සාප්පුවක් ඉදිරිපිට මාර්ගයේදී අද (17) සවස අදාළ අල්ලස් මුදල ලබාගනිද්දී මෙම අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.
මෙම සැකකරු හෙට (18) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වැඩේ නේ .අපේ "මිස්ටර් ටෙන් පර්සන්ට්"ඒ දවස් වල කෝටි ගණන් ගහලා යූ.එස් ගියේ .කවුරුවත් ඇල්ලුවේ නැහැනේ
මෙම කාන්තාව "කොට්ටිරුව" කුරුළු කතාව විශ්වාස නොකරනු ඇත. එය සියලු පුරවැසියන්ට හොඳ ආදර්ශයක්. මාධ්‍ය හරහා සියලුම පුරවැසියන් දැනුවත් කිරීම අගය කරන්න. මාධ්‍ය ප්‍රවෘත්ති විකාශනය කිරීමෙන් මෙවැනි නීති විරෝධී පුරුදු රටින් තුරන් කළ යුතුය. මාධ්‍යයට මගේ ආචාරය.