(අජිත්ලාල් ශාන්තඋදය )
අලුත උපන් දරුවා නිවස අසළ කැලෑවකට වීසි කළ බව කියන 36 හැවිරිදි තිදරු මවක් අද (27) අලූයම අත්අඩංගුවට ගත් හම්බෙගමුව පොලීසිය වීසි කළ දරුවා ද සමඟ ඇය ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළු කර තිබේ.
හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ කැලෑ රොදක බිළිදෙකු හඩන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමක් අනුව හම්බෙගමුව පොලිසිය වීසි කළ දරුවා ද සොයාගෙන තිබිණි.
දරුවා විසිකර ඇත්තේ ඊයේ දී (26) රාත‍්‍රී 09.30ට පමණ බව දැනගන්නට ලැබුණ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ පදිංචි විවාහක තිදරු මවකි.
අද පාන්දර 05.30 වනතුරු අලූත උපන් කිරිකැටි දරුවා සීතලයට ගැහෙමින්, කුසගින්නේ හඩමින් සිටියදී සොයාගෙන බිළිදාගේ මව ද සමඟ හම්බෙගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් දෙදෙනාම වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට මාරුකර යවා ඇත.
හම්බෙගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත උපන්ගමන් බිළිඳා කැලේට වීසි කිරිමට හේතු කුමක්ද යන්න සෙවීමට කාන්තා අංශයේ නිලධාරිනියන් ඇතුළු නිලධාරීහූ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත උපන් බිළිඳා කැලේට වීසි කළ තිදරු මව අත්අඩංගුවට
Shantha Qatar Friday, 27 December 2019 06:08 AM
දරුවන් ලෝකයට වැදුවේ වීසිකරන්නටද?
Amula Friday, 27 December 2019 06:17 AM
මේ පේනවනේ... දරුවකුගේ වටිනාකමක් දන්නේ නැති අම්මලාට නම් දෙන්න ඕනේ රජකාලේ දඬුවම්... වැරැද්ද හොයලා බලලා..
asiri Friday, 27 December 2019 07:44 AM
මොනතරම් පව්කාර දෙයක්ද? කිරිකැටියෙක්ට එහෙම කරන එක. තමන්ට හදාගන්න බැරිනම් කාට හරිම දෙන්න පුළුවන්නේ. කොච්චරක් කට්ටිය ළමයි නැතුව ඉන්නවද?